Wednesday, April 10, 2013

Written on

සනත් හා මලිකාගේ අපුරු උපන්දින උත්සවය

සනත් ජයසුරියගේ තෙවන විවාහය පසුගියදා මලීකා සිරිසෙනගේ සමඟ සිදුවිය. මලිකා හමුවීමෙන් අනතුරුව සනත් සිය දෙවන බිරිය වන සැන්ඩ්‍රාගෙන් දික්කසාද වීමට නඩු පවරනු ලැබීය. නමුත් මේ වන විටත් එම නඩුව අවසන් වී නොමැත. 

එහෙයින් මාධ්‍යයට හොර රහසේ කල සනත්ගේ විවාහය නීතියට පටහැනි එකකි. මෙම රහස හෙලිවීම වලක්වාගැනීමට ජයසූරිය උත්සාහ දැරුවේ මෙය මිතුරක් එක්ව පැවැත්වූ විනෝද සාදයක් පමණක් බව ප්‍රකාශ කිරීමෙනි. 

සනත් මාධ්‍යය වලට දිගින් දිගටම පැවසුවේ එම කතාව බොරුවක් බවත් තමන් තවමත් දරුවන් තිදෙනා සමගින් සිටිනා බවකි. ඒ නීතියට මුවාවීම උදෙසාය. නමුත් සිය අප්‍රසිද්ධ විවාහයෙන් අනතුරුව සනත් තවමත් සැන්ඩ්‍රා සමගින් විසීම මලිකා ගේ සිත් තැවුලට හේතුවී තිබු අතර මේවනවිට ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයේ තත්වය කුමක්දැයි අප වෙත වාර්තා නොවේ. 

පසුගියදා මලීකා විසින් වෙබ් අඩවියකට පවසා තිබුනේ සනත් සමග හිතවත්කමක් තිබුනත් විවාහ වුයේ නැති බවය. ඉදිරියේ සනත් හා විවාහ වීමට අදහසක් නොමැති බවද ඇය අදහස් දක්වා තිබුණි. 

මෙම දෙදෙනාගේම අදහස් මෙසේ පළකරද්දී මාධ්‍යයට හෙළි නොකළ ඇතැම් කරුණුද අප මෙසේ ගෙන හැරපාන්නේ එදින උපන්දින සාදයකට වඩා දෙයක් සිදුවූ බවට සාක්ෂි සැපයීමටය. 

විවාහ දිනය පවත්දිනට කලින් දින සනත් විසින් සෑම මාධ්‍යය ආයතනයකටම දන්වා තිබුනේ තමා පිලිබඳ විශේෂ පුවතක් හෙට දිනයේ වාර්තා වුවහොත් එය පළකිරීමෙන් වලකින ලෙසය. එම නිවේදනය එලෙසම අප වෙතද ලැබුනේය. 

එහෙත් ඒ වනවිටත් අප ඇතුළු බොහෝ මාධ්‍යය ඊළඟ දිනයේ සිදුවිමට යන සනත් පිලිබඳ ප්‍රවෘතිය දැන සිටියේ නැත. 

ඒ අනුව සනත්ගේ තෙවන විවාහය පිලිබඳ වාර්තා වුවත් පුවත්පත් ඒවා පළකිරීමෙන් වැලකි සිටියේ සනත්ගේ ඉල්ලීම පරිදිය. 

වෙබ් අඩවිවල මෙම පුවත පළවුවත් සනත්ගේ සිත්තැවුලට පත්වුයේ විවාහයේ ජායාරුප කිහිපයක්ද අන්තර්ජාලයට එක්වී තිබුන හෙයිනි. ඒ අනුව සනත් විසින් එම වෙබ් අඩවි වලටද ඉල්ලීම් කර තිබුනේ පුවත අයින් නොකලත් ජායාරුප කෙසේ හෝ වෙබ් අඩවියෙන් ඉවත් කරගන්නා ලෙසය. 

ඒ අනුව එම විවාහයේ ජායාරුප ගත් ජායාරුප ශිල්පියාද එම විවාහයේ ජායාරුප ඉවත්කිරිමට වෙබ් අඩවි අමතමින් කියා තිබුනේ "බලන්නකෝ මේක වෙඩින් එකක් නෙවේ..බර්ත්ඩේ පාටි එකක්..ෆොටෝ ටික කොහමහරි අයින් කරලා දෙන්න..මේවා කොහෙන් ලීක් උනාද මන්දා.." යනුවෙනි. 

මේ අනුව සනත් විසින් සහභාගී වූ උපන්දින උත්සවය මාධ්‍යයට මෙතරම් හොර රහසේ පැවැත්වීමට කටයුතු කලේ ඇයි? උපන්දින සාදයේ ජායාරුප ප්‍රසිද්ධ වීම වැළකුවේ ඇයි? උපන් දින සාදයක් පන්සලක පැවැත්වුයේ ඇයි? සනත් හා මලීකා සැරසී සිටියේ උපන්දින සාදයකට උචිත අයුරින්ද? යන ප්‍රශ්න පෙළ පාඨකයෙකු හට ඇතිවීම සාධාරණය.