Sunday, March 31, 2013

Written on

අමිල දනින් වැටී සමාව ගත් කතාවේ ඇත්ත මෙන්න- දීපානි සමරසිංහ Exgossip වෙත කතා කරයි

Comments
නයනා කුමාරි හට අපහාස වන කට කතා තැනින් තැන කීම හේතුවෙන් "පබා" ටෙලි නාට්‍යයෙන් ජනප්‍රියත්වයට පත්වූ අමිල අබේසේකර ඒ පිලිබඳ කනගාටුව පලකොට නයනා කුමාරිගේ පා යුගම වැඳ සමාව ගෙන තිබූ පුවතක් නයනාගේ නමද සමඟින් පළමුවරට පල කළේ "එක්ස් ගොසිප්" විසිනි.

එයට නයනාගේ නම ඈදුනේ ඇමති කුමාර වෙල්ගම නිසාම නොව නයනාගේ පාර්ශවයෙන් අප විසින් කල සොයාබැලීමකින් අනතුරුවය. ඒ ඇය විසින් ඒ බව කිහිප දෙනෙකුටම ප්‍රකාශ කර තිබූ නිසාය.

නමුත් අමිල අබේසේකර තවමත් පුවත්පත් වලට පවසන්නේ එවන් සිදුවීමක් නොවූ බවත් එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්ය.

මේ අතර එක්තරා වෙබ් අඩවියක් මඟින් මේ පිළිබඳව අසත්‍ය පතුරවන බවට එක්ස් ගොසිප් වෙබ් අඩවියේ නම සඳහන් නොකරමින් ඇතැම් වෙබ් අඩවි හා පුවත්පත් ගණනාවක් අඳුරේ අතපතගාන තත්ත්වයක් තුළ ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න සොයාබැලීමට එක්ස් ගොසිප් එම ව්‍යාපාර කාන්තාවට කෙලින්ම කතා කළා.

Saturday, March 30, 2013

Written on

කෙහෙලියගේ පුත් රමිත් සංචිතයට ඇතුලත්වීමට සනත්ගේ හේතු මෙන්න

Comments
ශ්‍රී ලංකා බංග්ලාදේශ T20 තරගයට නවකයන් 6 දෙනෙක් යුතු ශ්‍රී ලංකා සංචිතය පසුගිය දිනකදී නම් කිරීමත් සමග සෑම දෙනාගේම සිතේ ඇතිවූ ප්‍රශ්නාර්තය වූයේ දේශීය තරග වලදී සැලකිය යුතු තරම් දක්ශතා පෙන්වා නැති ඇමති කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල සංචිතයට එක්වූයේ කෙසේද යන්නයි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් ක්‍රිකට් දිවිය ආරම්භ කළ රමිත් රඹුක්වැල්ල 2011 දී S.S.C ක්‍රීඩා සමාජයට එක්වූ අතර එහිදී ඔහු තරග කරන ලද සියලුම ඉනිම් 28 න් ඔහු රැස් කර ඇත්තේ අර්ධ ශතක 2ක් පමණි.

පළමු පෙල තරගාවලි වල ඉනිම් 12දී ඔහු ලකුණු 182 ලබා ඇති අතර එහිදී ඔහුගේ ඉනිමකදී සාමාන්‍ය ලෙස සටහන් වනුයේ 16.54 තරම් අඩු සාමාන්‍යකි. එසේම ඔහු දේශීය ඕවර 20 තරග 10 ක්‍රීඩා කර ඇති අතර ඉනිම් 7 තුල ලකුණු 122 රැස් කරගෙන සිටිනවා. එහිදී ඔහුගේ සාමාන්‍ය ලෙස සටහන් වනුයේ 17.42 කි.

Written on

නූපන් බිළිඳාව 3D බලාගන්න අවස්ථාව

Comments
බොඳවූ දසුනකින් තම නූපන් බිළිඳාව දැක බලාගැනීමට මෙතෙක් දෙමාපියන්ට හැකි වුවද ගර්භාෂයේ සිටියදීම බිළිඳාව ත්‍රිමාණව බලාගැනීමට හැකිවන නව මෘදුකාංගයක් නිපදවා තිබෙනවා.

අල්ට්‍රාසොනික් ස්කෑනරයෙන් ලැබෙන සාමාන්‍ය බොඳවූ ජායාරූපය වෙනුවට එම දත්ත අනුව බිළිඳාගේ සමේ පැහැය, සෙවනැළි, ආලෝකය සමඟ ත්‍රිමාණව ජායාරූපයක් ගොඩ නැඟීම මෙම මෘදුකාංගයෙන් සිදුවේ.

Written on

උතුරු කොරියාව ඇමරිකාවට පහරදීමට සැරසෙයි

Comments
ඇමරිකාවට පහරදීමට කාලය පැමිණ ඇති බව උතුරු කොරියා නායක කිම් ජොංග් පසුගියදා පැවසීමත් සමඟ ලොව පුරා අවධානය උතුරු කොරියාව වෙත යොමු වුණා..

ඔහුගේ එම ප්‍රකාශයට හේතුවී තිබුනේ කොරියාවේ අර්ධද්වීපයට ආසන්නයේ ඇමරිකාව විසින් දකුණු කොරියාව සමඟ යුධ අභ්‍යාසයක් පැවැත්වීමයි.

කිම් ජොංග්ගේ එම ප්‍රකාශයෙන් පසුව ඔහු විසින් ඊයේ දිනයේ යුධ සැලසුම් කාමරයක සිට ඇමරිකාවට ප්‍රහාර එල්ල කල යුතු ආකාරය හා දිගුදුර මිසයිල එල්ල කල යුතු ඇමරිකාවේ නගර සැලසුම් කර තිබුනා.

ඒ අනුව Hawaii, Washington DC, Los Angeles, Austin (Texas) නගර ඔහුගේ මෙම ඉලක්කයන් වලට ඇතුලත්. අනතුරුව ඇමරිකාවට ප්‍රහාර එල්ලකිරීමට මිසයිල ස්ථානගතකිරීමට ඔහු විසින් ඊයේ අනුමැතිය දුන් අතර එම ජායාරූපද මාධ්‍යයට නිකුත් කර තිබුණා.

Written on

ෆැෂන් බග් වෙළඳසැලට එල්ල වූ ප්‍රහාරයේ සැඟවුණු තතු

Comments
පසුගියදා පැපිලියාන ෆැෂන් බග් ආයතනයට එල්ලවූ ප්‍රහාරයේ සැඟවුණු කරුණු මේ වනවිට අනාවරණය වෙමින් පවතී. 

සිද්ධිය පිලිබඳ පොලිස් පරීක්ෂණයක් ආරම්භකොට ඇති අතර සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට පත්වී ඇත. 

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය. පැපිලියානේ ඇති බර වාහන වැඩ පලක මුස්ලිම් සේවකයෙකු විසින් ඒ අසල නිවසකදී 15 හැවිරිදි ලාබාල සිංහල තරුණියක හා ආදර සම්බන්ධතාවයක් ගෙනගොස් දුෂණය කර ඇත. 

මේ පිළිබඳව එම තරුණියගේ දෙමව්පියන් විසින් පැමිණිල්ලක් ගොනුකොට ඇති අතර ඒ අනුව පොලිසිය විසින් එම මුස්ලිම් තරුණයා අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් පසු දිනයේ මෙම සිදුවීම පිලිබඳ දැනගත් ගම්වාසින් ඇතුළු ගමේ පන්සලේ හාමුදුරුවන් කෝපයට පත්ව තිබෙනවා. එම බරවාහන වැඩපල මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් වීමත් , එම දැරිය දුෂණය කර ඇත්තේ මුස්ලිම් තරුණයෙකු වීමත් මෙම කෝපයට හේතු වී ඇත.

ගමේ පන්සලේ ඝාන්ටාරය නාද කිරීමෙන් අනතුරුව මිනිසුන් 20 ක් පමණ රැගෙන එම බරවාහන වැඩපොළට ගොස් ගල් මුල් වලින් ප්‍රහාර එල්ලකොට ඇත. ඉන් අනතුරුව අනෙක් ගම්වාසින්ද මෙයට එකතුවී ඇති අතර ඔවුන් අතරට පණිවිඩය ගොස් ඇත්තේ මෙය එයට මීටර් ගණනක් ඈතින් වූ ෆැෂන් බග් ආයතනය තුල සිදුවූවක් ලෙසයි. 

Friday, March 29, 2013

Written on

අද පුවත්පතේ ත්‍රිමාන උත්සාහය සාර්ථක නැහැ - සිලෝන් ටුඩේ කියයි

Comments
ලංකාවේ පුවත්පත් කලාවේ වෙනසක් ඇති කරමින් සිලෝන් ටුඩේ පුවත්පත විසින් ප්‍රථම් වරට 3D තාක්ෂණයෙන් පුවත්පත නිකුත් කළ බවට මීට පෙර අප ඔබට ලිපියකින් ගෙන ආවා.

ඉන් දින කිහිපයකට පසුව පසුගිය සඳුදා "අද" පුවත්පතද 3D තාක්ෂණයෙක්න් ඔවුන්ගේ පුවත්පත ගෙන ආවේ "3D තාක්ෂණයෙන් යුත් පළමු සිංහල පුවත්පත" ලෙසය.

සිලෝන් ටුඩේ අයත්වන්නේ මව්බිම ආයතනයටයි. ඔවුන්ගේ පුවත්පතේ පවසන්නේ "අද" පුවත්පතේ 3D කරණය අසාර්ථක බවයි.

Written on

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලියේ විශේෂ අවස්ථා

Comments
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති 3 වන සහ අවසාන එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 3කින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරන ලදී.

පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 දැවී ලකුණු 302 රැස් කළ අතර ඩිල්ශාන් සිය 16 වෙනි ශතක වෙනුවෙන් ලකුණු 125ක් සහ කුසල් ජනිත් තම පලමු එක්දින අර්ධ ශතකය ලබා ගනිමින් ලකුණු 56 රැස් කළේ ය.

එහිදී අබ්දුල් රසාක් කඩුලු 5 දවා ගනිමින් බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පලමුවෙන්ම කඩුලු 200 සීමාවට ලගා විය. 


 බංග්ලාදේශ කණ්ඩායම තමන්ට හිමී වූ ජයග්‍රාහී සීමාව වන ලකුණු 184 කඩුලු 7ක් පමණක් දැවී ලබා ගත්තේ ය. අනාමුල් හක් ලකුණු 40 ද නසීර් හුසේන් නොදැවී ලකුණු 33ක් ද ලබා ගත්තේය.
Written on

සුරතල් සතුන්ගේ හොරගමන් සොයන්න g-paws එයි

Comments
නිවසේ සුරතලයට ඇතිකරන සතුන් යන්නේ කොහෙදැයි බලාගැනීමට කුඩා උපකරණයක් නිපදවීමට Dave Evans නම් පුද්ගලයෙක් සමත්වී තිබෙනවා.

GPS තාක්ෂනය සහිත මෙම කුඩා උපකරණය සුරතලාගේ කරපටියේ සවි කල යුතු අතර පසුව ඌ නිවසට පැමිණි පසු ගලවා කේබලයක් ආධාරයෙන් තම පරිගණකයට සම්බන්ධ කල යුතුය.

ඉන් පසුව ගූගල් මැප් ආධාරයෙන් සුරතලා ගමන් කල මාර්ගය සොයාගත හැකිය.

සෑම තත්පර 5කට වරක්ම ස්ථානය සලකුණු කරගන්නා, ජලයෙන් හානියක් නොවන මෙහි මිල වන්නේ ස්ටර්ලිං පවුම් 50ක් හෙවත් රු. 10,000ක් පමණය.

Written on

නවවැනි රයිගම් උළලේ ජනප්‍රියම නිළිය මෙන්න

Comments
වසර 2012 රයිගම් ටෙලීස් සම්මාන උළෙල මෙවර මැයි 17 දින කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට නියමිතය. 

මෙලෙස පැවැත්වෙන්නේ නව වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙලයි. මෙලෙස මැයි මස පැවැත්වීමට නියමිත රයිගම් උළලේ ජනප්‍රියම නිළිය එහි අලෙවි ප්‍රවර්ධක අධ්‍යක්ෂකවරයා වන මංජුල හේරත් විසින් දැනටමත් තෝරා අවසන් බව එක්ස් ගොසිප් වෙත දැනගන්න ලැබී ඇත. 

ඔහු මෙසේ ජනප්‍රියම නිළිය ලෙස තෝරා ඇත්තේ මහේෂි මධුශංකා ය. ඇය මේ දිනවල සිරස රුපවාහිනියේ චායා ටෙලි නාට්‍යය තුලින් වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත. 

මනුජ හේරත් මහතා විසින් අයව ජනප්‍රිය නිළිය කිරීමට යෝජනා කර ඇත්තේ ඔවුන් විසින් මෑතකදී සම පැහැපත් කිරීමට හදුන්වා දුන් ආලේපනයක් ජනප්‍රිය කිරීම සඳහාය.

Thursday, March 28, 2013

Written on

පැපිලියානේ ෆැෂන් බග් වෙළඳසැලට ප්‍රහාරයක්

Comments
පැපිලියාන මංසන්ධියේ පිහිටි 'ෆැෂන් බග්' රෙදි සාප්පු සංකීර්ණයට අද රාත්‍රියේදී එහි ගම්වාසින් විසින් ප්‍රහාරයක් එල්ලකොට තිබුනා. අද පස්වරුවේ සිට මෙම වෙළඳසලේ පිරිස අතර හා ගම්වාසින් අතර උණුසුම් තත්වයක් පැවති අතර මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම ගැටුම ඇවිලී ඇත. 

ගම්වාසින් 100 දෙනෙකු පමණ කඩා වැදී සිදු කල මෙම ප්‍රහාරය හේතුවෙන් ෆැෂන් බග් ගොඩනැගිල්ලේ දේපල වලට හානි සිදුවී ඇත. 

මෙම ගැටුමට හේතුව ෆැෂන් බග් විසින් ඉඩමක් මිලදී ගැනීමක් නිසා ඇති වුවක් බව පෙන්විව්මට උත්සාහ කලද එහි සත්‍ය තත්වය දැනගැනීම සඳහා එක්ස් ගොසිප් එම අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදීන්ගෙන් විමසීමක් සිදුකර සිටියා. 

එහිදී අප වෙත ඔවුන් සනාත කර සිටියේ වෙළඳ සැලේ ගබඩා කාමරය තුල ලාබාල තරුණියක් මුස්ලිම් තරුණයෙකු විසින් දුෂණය කිරීමෙන් අනතුරුව මෙම තත්වය ඇතිවූ බවය. මෙම සත්‍යය කරුණ කීමට මාධ්‍යය මැලිවන්නේ ජාතිවාදය ඇවිස්සීම වැලැක්වීම සඳහා මෑතකදී මාධ්‍යයට දැමු තහංචිය හේතුවෙනි.
Written on

ජනතා සම්මානයෙන් පිදුම් ලද මහජන බැංකුව

Comments
රාජ්‍ය ආයතන අකාර්යක්ෂම මෙන්ම පාරිභෝගිකයන් සමග සුහදශීලි නොවන බව සමස්ථ සමාජයේ මතයයි. එහෙත් එම මතය අභියෝගයටලක් කරමින් "මහජන බැංකුව" අඛණ්ඩව මෙවරත් SLIM nielsen ජනතා සම්මනට ලක්විය. 

2013 වසරට අදාල සම්මාන උළෙලේදි වසරේ හොඳම සේවා සැපයුම්කරු ලෙස ජනතා සම්මානය, වසරේ හොඳම බැංකු සේවා සැපයුම්කරු ලෙස ජනතා සම්මානය සහ මහජන බැංකුවට අයත් සමාගමක් වන Peoples Leasing සමාගම හොඳම මුල්‍ය සේවා සැපයුම්කරු ලෙස ජනතා සම්මානයට ලක්විය. 

කෙසේ හෝ තම පාරිභෝගිකයන්ගේ ඇසට වැලි ගසා තම ලාභ අරමුණු පමණක් ඔස්සේ කියාත්මක වන බහුතරයක් වූ ආයතන අතර ජනතාවද නගාසිටුවමින් තමා අරමුණු කරා යන මෙවන් ආයතන සමස්ථ ව්‍යාපාර ප්‍රජාවට ආදර්ශයකි. 
Written on

ඇමති විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Comments
ඇමති විමල් වීරවංශට එරෙහිව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමට ඊයේ පැමිණිල්ලක් එල්ල වුණා.

ඒ අසාමාන්‍ය ලෙස මුදල් වැයකරමින් බත්තරමුල්ල දියවන්නා මාර්ගයේ, කෝට්ටේ දියත උද්‍යානය ඉදිරිපිට ඉදිකළ කෙසෙල් කොලයක හැඩය ගත් බස් නවතුම් පොලක් නිසාය.

Written on

මොබිටෙල් වලට එරෙහි අන්තවාදය

Comments
"හලාල්" සලකුණට එරෙහිව ක්‍රියාකරන ලද "බොදු බල සේනා " සංවිධානයට අරමුදල් රැස්කිරීමට උදවු කලබව කියමින් මොබිටෙල් ආයතනයට එරෙහිව අන්තර්ජාලය තුල ප්‍රචාරණ ව්‍යාපාරයක් ඇතැම් මුස්ලිම් පිරිස් විසින් ආරම්භකර තිබේ.

මොබිටෙල් ආයතනය ඔවුන්ගේ m tunes තුලට බොදු බල සේනා සංවිධානයට අයත් තේමා ගීතයක් ඇතුලත් කර තිබෙන අතර, එය තරුණ පිරිස් අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය විය. තවද එලෙස බොදු බලසේනා තේමා ගීතය ඇනවුම් කිරීමෙන් ලද මුදල් බොදුබල සේනා සංවිධානය වෙත ලබාදීමට මොබිටෙල් ආයතනය කටයුතු කරණ ලදී.

මෙම ක්‍රියාවට මොබිටෙල් ආයතනය වෙත කෘතගුණ දක්වනු මින්බොදු බල සේනා සංවිධානය තම Twitter ගිණුමෙහි ස්තුති කිරීමක් සිදුකර ඇති අතර මීට ආසන්න දිනයකදී බොදු බල සේනා සංවිධානය පානදුරේදී සංවිධානය කල රැස්වීමේදීද ස්තුති කිරීමට කටයුතු කර තිබේ.

Wednesday, March 27, 2013

Written on

මෙතෙක් වාර්තාවූ විශාලතම සයිබර් ප්‍රහාරය නිසා ලොවපුරා අන්තර්ජාල සේවා මන්දාගාමී වෙයි

Comments
අන්තර්ජාල ඉතිහාසය තුල මෙතෙක් වාර්තාවූ විශාලතම සයිබර් ප්‍රහාරය අද (27) වාර්තා වුණා.

එම හේතුව නිසා අද දිනයේ ලෝකයේ විවිධ රටවල් වල අන්තර්ජාල වේගය මෙතෙක් නොවූ විරූ තරම් මන්දගාමී වී තිබෙනවා.


මෙම ගැටලුවට මුලික හේතුව වී තිබුනේ අන්තර්ජාලයේ ස්පෑම් (අන්තර්ජාලයේ අනවශ්‍ය දේවල් ) නැවත්වීම සඳහා ක්‍රියාකරන ලාභ නොලබන සංවිධානයක් වන ස්පෑම් හෝස් නම් ආයතනයක් සහ ස්යබර් බංකර් නම් වෙබ් හොස්ටින් සමාගමක් අතර ඇතිවුනගැටුමකි. 

ස්පෑම් හෝස් විසින් අන්තර්ජාලයේ , විද්‍යුත් ලිපිනයන්ට ලැබෙන ලිපි වලටලැබෙන අනවශ්‍ය අන්තර්ගතයන් හදුනාගෙන ඒවා අවහිර කිරීමට ලක්කරයි.

මෑතකදී ඔවුන් විසින් විසින් "සයිබර් බංකර්" නම් වෙබ් හොස්ටින් සමාගමක් ත්‍රස්තවාදය හා ළමා ලිංගික ක්‍රියා ප්‍රවර්ධනය හේතුවෙන් ඔවුන්ව ස්පෑම් හෝස් වෙබ් අඩවියේ "අවහිර කරන ලද ලැයිස්තුවට" (Block List) එකතුකොට ඇත

මේ හේතුවෙන් කෝපයට පත් "සයිබර්බංකර්"ආයතනය නැගෙනහොර යුරෝපයේ හා රුසියාවේ වෙසෙන අන්තර්ජාල අපරාධකරුවන් සමග එක්ව මෙම ප්‍රහාරය දියත්කොට ඇත.
Written on

අධිකරණය අවවාද කල හිරුණිකාගේ දුහුල් ඇඳුම

Comments
ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර පහරදීමේ සිද්ධියක් සම්බන්ධව භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියට එරෙහිව පැවරු නඩුව අද යලි යළි කැඳවූවා. 

එහිදී දිගු කලිසමකින් සහ රෝස පැහැති දුහුල් උඩු කය ඇඳුමකින් සරසි පැමිණි හිරුණිකා හට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ අද දිනයේ අවාද කරනු ලැබුවේ අධිකරණයට පැමිණෙන විට විනීතව, අධිකරණයේ ගෞරවය ආරක්ෂාවන ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙසයි. 

බොරැල්ල කිංසි පාරේ අංක 175 දරන ස්ථානයේ පිහිටි අදාළ ව්‍යාපාරික ආයතනයට හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුලූ සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ එහි හිමිකරුට සිදුකරනු ලැබූ තර්ජනයක් හේතුවෙන් මෙම නඩුව ගොනුවී තිබෙනවා. 

එක්ස් ගොසිප් මේ පිලිබඳ කල විමර්ශනයකදී හිරුනිකාගේ පාර්ශවයෙන් අප වෙත කියා සිටියේ හිරුණිකා සිය ආරක්ෂකයන් සමග අදාළ ව්‍යාපාරිකයන් හමුවීමට ගිය අවස්ථාවේ බහින්බස් වීමක් සිදුවූ බවත් එහිදී හිරුනිකාත් ව්‍යාපාරිකයාත් මැදට පැමිණි ඇයගේ ආරක්ෂකයන් එම ව්‍යාපාරිකයා පසුපසට තල්ලු කල බවත්ය.

පසුව බොරැල්ල පොලීසියට පැමිණීමෙන් අනතුරුව එම ව්‍යාපාරිකයාගෙන් සමාව ගන්නා ලෙස පොලසිය බලපෑම් කලද එයට එකඟ නොවීම හේතුවෙන් මෙම නඩුව පවරා ඇති බවද ඔවුන් අප වෙත දන්වා සිටියා. 
Written on

බොදු බල සේනා සම්පත් අත්තටගේ උදව් ගත්තාද?

Comments
බොදු බල සේනා සංවිධානයේ කැලණිය ප්‍රදේශයේ පැවැත්වෙන සමුළුවක් දැනුවත් කිරීම සඳහා සාමන්‍යය පෙළ විද්‍යා විෂය ටියුෂන් ගුරුවරයෙකු වූ සම්පත් අත්තටගේ විසින් අනුග්‍රහය දැක්වීම මේවනවිට බොහෝ දෙනෙකුගේ කාතාබහට ලක්ව තිබේ. 

කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු වන සම්පත් අත්තටගේ දුමින්ද සිල්වාගේ ලඟම හිතවතෙකි. 

ඔහු විසින් ලබාදුන් ලබාදුන් පසුගිය සාමන්‍යපෙළ විභාගය සඳහා ලබාදුන් විද්‍යාව බහුවරණ අනුමාන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 18ක්ම විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වීම හේතුවෙන් රහස් පොලිසියෙන් ප්‍රශ්න කිරීම් වලට ලක්විණි. 

මෙවන් වංචනික පුද්ගලයෙකු බොදු බල සේනා සංවිධානයේ දැන්වීම සඳහා අනුග්‍රහය දැක්වීම බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයටත් විවේචනයටත් ලක්විය. මෙම සිදුවීමේ ඇත්ත දැන ගැනීම සඳහා එක්ස් ගොසිප් බොදු බල සේනා සංවිධානය ඇමතුවා. 
Written on

Pond's Femina Miss India 2013

Comments
Pond's Femina Miss India 2013 කිරුළ සඳහා අවසන් මහා තරඟය පසුගිය ඉරිදා දින ඉන්දියාවේ දී පැවැත්වුනා. මෙවර තරඟය පැවැත්වුනේ 50 වන වතාවටයි.

මීට පෙර කිරුළට හිමිකම් කී අයේශ්වර්ය්‍යා රායි බච්චන්, ප්‍රියංකා චොප් රා ඇතුළු බොලිවුඩ් සුපිරි නළු නිළියන් මෙයට සහභාගී විය.

ඉන්දියාව පුරා විසීරී සිටි තරඟකාරියන් විශාල පිරිසක් අතරින් අවසන් මහා තරඟයට සහභාගී වුයේ තරඟකාරියන් 23 දෙනෙක් පමණයි. මෙවර කිරුළට හිමිකම් කීමට වරම් ලද්දේ Navneet Kaur Dhillon වන අතර දෙවන සහ තෙවන ස්ථාන දිනාගත්තේ Sobhita Dhulipala සහ Zoya Afroz ය.

Written on

සෞදි රජය ස්කයිප් , වයිබර්, වට්ස්ඇප් තහනමකට සුදානම් වේ

Comments
අන්තර්ජාලයේ VOIP තාක්ෂනය ඔස්සේ තොරතුරු හුවමාරු කෙරෙන ස්කයිප්, වයිබර් සහ වට්ස්ඇප් වැනි සන්නිවේදන මෘදුකාංග තහනම් කිරීමට සෞදි අරාබිය සුදානම් වනවා.

ස්කයිප් , වට්සැප්, වයිබර් මෘදුකාංග පණිවුඩ යැවීමේදී එම දත්ත වෙනත් පාර්ශ්වයන්ට ලබාගත නොහැකි සේ ( encrypt) කොට යැවීම මගින් සෞදි අරාබියේ ජාතික ආරක්ෂාවට හා සදාචාරයට අවධානමට ලක්වන බැවින් සෞදි රජය විසින් මෙම තීරණය ගෙන ඇත. 

ඒ අනුව මෙම සතිය අවසානය වන විට සෞදි රජය වෙත සකයිප් , වට්සැප් , වයිබර් නියාමනය කල හැකි (Monitor) පසුබිමක් එම සමාගම් විසින් සලසා නුදුන්නොත් එම මෘදුකාංග සෞදි රජය තුල තහනම් වීමට නියමතයි. 
Written on

මත්තලදී දෙවන වතාවටත් ගුවන් යානයක් අනතුරට ලක්වූ හැටි

Comments
මාලේ නුවර සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත ගොස්, යලි කටුනායක බලා එමින් සිටි 'ශ්‍රී ලංකන්' ගුවන් සේවයට අයත් UL114 ගුවන් යානය මත්තල ගුවනේ දී පසුගිය 25 වනදා නැවතත් කුරුළු අනතුරකට ලක් ව තිබේ. 

යානය මත්තල ගුවන්තොටුපොළට ගොඩ බා නැවත කටුනායක බලා යාමට මත්තල ගුවනට නංවද්දී කුරුල්ලන් රංචුවක් යානයේ නියමු කුටියට ඉදිරියෙන් ඇති විදුරුවෙහි හැපී ඇත. 

මෙම අනතුරු සිදුවූ දිනයේදීම එක්ස් ගොසිප් මේ පිලිබඳ සොයා බැලු අතර ගුවන්තොටුපල අභ්‍යන්තර ආරංචිමාර්ග සනාත්කොට සිටියේ එම පුවත සත්‍යයක් බවයි. 

මෙයට පෙර ද අප විසින් හෙළි කල පරිදි කුරුල්ලන් රංචුවක් පරීක්ෂණ ගුවන් යානයේ ගැටී තිබු අතර එය එතරම් බරපතල එකක් නොවිය. නමුත් මෙවර කුරුල්ලන් ගැටීමෙන් UL114 ගුවන් යානයේ ඉදිරිපස විදුරුවද ඉරිතැලී ගොස් තිබේ. 
Written on

ලසිත් මාලිංගගේ මෝටර් රථයක් විකිණීමට

Comments
මේ දිනවල වඩාත් ආන්දෝලනයට පත්ව සිටින ලසිත් මාලිංග ගේ මෝටර් රථයක් විකිණීම සඳහා දැන්වීමක් පලකොට ඇත. 

මෙයට පෙර අප හෙළිකර සිටි පරිදි මාලිංග විසින් මෑතකදී මිට්සුබිෂි ලාන්සර් එවලුෂන් X වර්ගයේ මෝටර් රථයක් මිලදී ගත් අතර එම මෝටර් රථය ටර්බෝ බලගැන්වු සිලින්ඩර් හත‍රේ පැයට කිලෝමීටර් 300ක වේගයෙන් ධාවනය කළ හැකි ,ද්විත් කි‍්‍රයාකාරී ක්ලචයකින් හා ගියර හයක් මාරු කළ හැකි ගියර පෙට්ටියකින්ද (6-Speed twin clutch gear box) සමන්විත වේ. 

එම මෝටර් රථය මිලට ගැනීමත් සමග ලසිත් මාලිංග මෝටර් රථ ධාවන තරඟ සඳහා එක්වීමේ සුදානමක්ද පවතී. 

ලසිත් මාලිංග වාහන වලට දැඩි ඇල්මක් දක්වන පුද්ගලයෙකු වන අතර මේ වන විට ඔහුගේ වාහන එකතුවේ BMW Series 7 වර්ගයේ වාහනයක්, ප්‍රාඩෝ, ඇතුළු වාහන පහකට ආසන්න ගණනක් ඇත. එම වාහන වලින් ඇතැම් වාහන ඔහු වරකට දෙවරකට වඩා භාවිතාකොට නැත.

Tuesday, March 26, 2013

Written on

කටුගේ හොරකමට ජනපතිත් සම්බන්ධ බව කියූ නියෝජ්‍ය ඇමතිවරයා පසුපස රහස් පොලීසිය පන්නයි

Comments
ජාතික කෞතුකාගාරයේ භාණ්ඩ හොරකමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධ යැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතා ප‍්‍රකාශ කර තිබේ.

ඔහු මෙම ප‍්‍රකාශය කර ඇත්තේ මාතලේ, රත්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්තී‍්‍රවරුන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදීය.

ඇමතිවරයාගේ මෙම ප‍්‍රකාශයට විරෝධය දක්වමින් රත්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්තී‍්‍රවරුන් 07 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ශි‍්‍ර ල.නි.ප. මහ ලේකම් මෛතී‍්‍රපාල සිරිසේන හා එම පක්‍ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන් වෙත යවා ඇත.

Written on

කරුණාගේ අරන්තලා භික්ෂු ඝාතනය වෙනුවෙන් ස්මාරකයක්

Comments
1987 ජුනි මස 02 වැනිදා මහා වාපී විහාරාධිපති පූජ්‍ය දිගාමඩුල්ලේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් අධ්‍යක්‍ෂ හෑගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමියන් තවත් භික්‌ෂුන් පිරිසක්‌ පිරිවරා ගෙන අම්පාරෙන් පිටත් වූයේ අලුයම 5.00 ට පමණය. 

භික්‌ෂුන් වහන්සේලා මෙන්ම ගිහියෝ කීපදෙනෙක්‌ද ඒ ගමනට එක්‌වී සිටියහ. දවසේ හිරු නැගෙන්නටත් ප්‍රථම උන්වහන්සේලා ලංගම බසයක නැගී මේ වැඩම වූයේ සත සිත නිවාතවා සනහන සද්ධර්ම චාරිකාවක්‌ සඳහාය. 
Written on

ශ්‍රී ලංකා - ඉන්දියා අර්බුධය සහ අයි. පී. එල්

Comments
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉන්දීය ප්‍රිමියර් ලීග් 2013 තරගාවලිය සදහා යෑමේ අවිනිශ්චිත භාවයක් තිබූ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී ඇති බව එහි ලේකම් නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශ කළේ ය.

පසුගිය දිනවලදී මෙරට භික්ෂූන් වහන්සේලා දෙනමකට ඉන්දියාවේදී හිරිහැර කිරීම හේතුවෙන් ආරක්ෂාව පිළිබද ගැටලුකාරී තත්වයක් මතු වී තිබිණි. ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩයන් මෙසේය.

Monday, March 25, 2013

Written on

ශරීරයේ බර අඩු කිරීමට ස්වභාවික ඔසුවක්‌

Comments
ශරීරයේ බර සීඝ්‍රයෙන් වැඩි වීම වර්තමානයේ බොහෝ දෙනෙකුට තිබෙන දැවෙන ප්‍රශ්ණයක් වන අතර එයට විසඳුමක් සෙවීමට ඇමරිකානු වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

ඔවුන් පවසන පරිදි ඒ සඳහා යොදාගන්නේ 100% ක් ස්වභාවික කෝපි සාරයයි. ශරීරයේ බර අඩු කරගැනීමට වඩා ක්‍රියාකාරී වන්නේ "කොළ පැහැති කෝපි ඇට" වලින් ගන්නා සාරය බවයි ඔවුන් පවසන්නේ.

Written on

කොටස් වෙළඳපොල සුසානය

Comments
ශ්‍රී ලංකා සුරැකුම් හා විනිමය කොමිසම් සභවේ කටයුතු ස්වාධීනව කරගෙන යාමට රජයට අයත් ප්‍රභූ පවුලක සාමාජිකයන් ඉඩ නොදීම නිසා එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය හරේන්ද්‍ර දිසාබණ්ඩාර මහතාද ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළේ මාෆිවාවක් පවතින බවත් එය පාලනය කිරීමට තමන්ට නොහැකි බවත් පවසමින් මෙයට පෙර විනිමය කොමිසම් සභවේ සභාපතිවරුන්ව සිටි ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය සහ තිලක් කරුණාරත්න මහතාද ඉල්ලා අස්විය.

Written on

මත්තලට ගුවන්යානා කීයක් ආවාද?

Comments
මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපල ආරම්භ කිරීමෙන් පසුව ඒ වෙත පැමිණි හා ගිය ගුවන්යානා පිළිබඳව එක්ස් ගොසිප් විසින් සොයා බලනු ලැබුවා.

ඒ අනුව පසුගිය 18 වනදා සිට ඊයේ (24) දක්වා ගතවූ සතිය තුළ මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපලට පැමිණ ඇත්තේ විදේශික ගුවන් සේවාවකින් ගුවන්යානා 2ක් පමණි.

Written on

ආදරවන්තයන්ගේ සටනට මොකද වුනේ ?

Comments
පසුගියදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී නිමා වූ මහින්ද - රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ ක්‍රිකට් තරඟයේදී ගැටුමක් ඇතිවිය. එම ගැටුම මේ වනවිට ආන්දෝලනාත්මක එකක් බවට පත්ව ඇත්තේ සිවිල් ඇඳුමින් සිටි පුද්ගලයෙකු විසින් කඳුළු ගෑස් එල්ල කිරීම පිලිබඳ ජායාරුප පල වීමත් සමගය.

මුල් ඉනිමේදී සියල්ලන් දැවී මහින්ද විදුහල ලකුණු 198 ද රිච්මන්ඩ් විදුහල කඩුලු හතක් දැවී ලකුණු 175 ද රැස්කර ගත්තේය. දෙවැනි ඉනිමේ දී මහින්ද විදුහල් ක්‍රිඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 91ක් පමණි. රිච්මන්ඩ් විදුහලට ඕවර නමයකදී ලකුණු 114ක ඉලක්කයක් ලැබුණේ ඉන් පසුවය.නමුත් ඕවර් නවය අවසාන වන විට රිච්මන්ඩ් විද්‍යාලයට රැස්කරගත හැකිවුයේ ලකුණු 92 ක් පමණි.

මෙහිදී නම වන ඕවරයේ අවසාන පන්දුව යැවීමට මත්තෙන් මහින්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් ක්‍රීඩා පිටියට කඩා වැදී ඇත. නමුත් මෙම කරුණ ප්‍රතික්ෂේප කරන මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසන්නේ තරඟය නිමවී ත්‍යාග ප්‍රධාන උත්සවය අවස්ථාවේ අනවශ්‍යය ගැටුමක් ඇතිවූ බවයි.

Written on

වෙල්ගමගේ මැදිහත්වීමෙන් අමිල නයනාට දනගසයි

Comments
ටෙලි නාට්‍යය නිලියක් මෙන්ම රුපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන නයනා කුමාරි හට අපහාස වන කට කතා තැනින් තැන කීම හේතුවෙන් "පබා" ටෙලි නාට්‍යයෙන් ජනප්‍රියත්වයට පත්වූ අමිල අබේසේකර අමාරුවේ වැටි තිබේ. 

අමිල අබේසේකර නයනා කුමාරිගේ නම අමාත්‍යවරයෙකුට සම්බන්ධ කරමින් පවත්වාගෙන යන කතාව ප්‍රවාහන අමාත්‍යවරයා වන වෙල්ගම අමාත්‍යවරයාට සැල වීමත් සමග වෙල්ගම අමාත්‍යවරයා විසින් නයනා කුමාරිව දැනුවත්කොට තිබේ. 

තමාගේ චරිතයට සිදුවූ හානිය පිලිබඳ කම්පාවට පත්වූ නයනා කුමාරි මේ පිළිබඳව මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් සිදුකොට ඇත. 
Written on

තෙල් නැතුව ගුවන් යානයක් මත්තල හිර වෙයි

Comments
මත්තල ගුවන් තොටුපලේදී ශී‍්‍ර ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකට තෙල් ලබාදීම ප‍්‍රමාදවීම නිසා පැය එකහමාරක පමණ කාලයක් එම ගුවන් යානය මත්තල ගුවන්තොටුපලේ රඳවා තබා ගැනීමට සිදුවී ඇතැයි වාර්තා වේ. 

මෙසේ ප‍්‍රමාද වී ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සෞදි අරාබියේ රියාද් නුවර බලා පිටත්වීමට සූදානමින් සිටි UL 273 දරණ ගුවන් යානයයි. මෙය ඊයේ මධ්‍යහනයේදී මෙය ඊයේ මධ්‍යහනයේ කටුනායකින් පිටත්වී ඇති අතර මත්තලට ගොඩබා ඇත්තේ ඉන්ධන ලබාගැනීමටය. 

පැය එකහමාරක් තිස්සේ කල්මරිමට සිදුවූ නිසාවෙන් ගුවන්යානයේ මගීන්ද අපහසුතාවයට පත්ව ඇත. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ඇති එක් ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ ගුවන් තොටුපලකට අවශ්‍ය වෙනත් සෑම සේවාවක්ම ලබාදීමට උත්සුක වුවත් ප්‍රධානම අවශ්‍යතාවය වන ඉන්ධන ගබඩා සංකීර්ණයක් ඉදි කිරීම කෙරෙහි අවධානය නොකිරීමය. 
Written on

සුරියවැවට විදුලි ආලෝකය නැති වුයේ අයි ?

Comments
පසුගියදා හම්බන්තොට සුරියවැව ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා -බංගලාදේශ ක්‍රිකට් තරඟය අතරතුර පැයකට වඩා තරඟය නතර කර තැබීමට සිදුවුයේ ක්‍රීඩා පිටියේ නමට කැළලක් එක් කරමිනි. 

ඒ විදුලි ආලෝක සපයන කුළුණු හතරට විදුලිය සපයන විදුලි ජනක යන්ත්‍ර දෙක ක්‍රියාත්මක නොවූ නිසා වෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහි වරද වෙනත් ඇය පැටවීමට උත්සාහ කලත් සැබවින්ම මෙහි වරදට වගකිව යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකුය. 

එදින රාත්‍රී 8:30 සිට 9:30 දක්වා සැමරූ මිහිකත හෝරාවට පැයකටත් පෙරාතුව සුරියවැව ක්‍රීඩාංගනය එය සැමරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිවිල් ඉංජිනේරුවරයාගේ වරදිනි. 

Sunday, March 24, 2013

Written on

කාන්තා හිංසනයන් දැන්වීමට නව දුරකථන අංකයක්

Comments
කාන්තාවන්ට සිදු වන හිංසනයන් පිළිබඳව එසැණින් දැණුම් දීමට නව දුරකථන සේවයක් ආරම්භ කිරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

බස් රථවලදී මෙන්ම සමාජයේ විවිධ තැන්වලදී නොයෙකුත් හිංසාවන්ට හා පීඩාවන්ට ගොදුරුවන කාන්තාවන්ට ක්ෂණිකව 1938 අංකයට දැනුම් දී අවශ්‍ය නීතිමය පිළිසරණ හා සහන ලබා ගැනීමට හැකිය.

Written on

විදුලි බිල වැඩිවෙන්නේ මෙහෙමයි

Comments
ලංකා විදුලිබල මණ්ඩලයට විසින් අප්‍රේල් මස සිට විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා වූ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කර ඇත. මෙම යෝජනාව මඟින් සමස්තයක් ලෙස 27% කින් විදුලි ගාස්තු ඉහළ නංවන ලෙස ඉල්ලීමක් කර ඇත. 

විදුලි ගාස්තු ඉහළ නැංවීමට ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුව පෙනී යන්නේ සියළු පාරිභෝගිකයන්ගේම එකම ආකාරයෙන් විදුලි ගාස්තු වැඩි කර නොමැති බවයි. ඇතැම් අයගේ විදුලි බිල ඉතා විශාල ප්‍රමාණයකින් ඉහළ නංවා ඇති අතර තවත් පිරිසකගේ විදුලි බිල අඩු කර ඇත. 

කර්මාන්ත වල විදුලි බිල 20% කින් වැඩිකරන විට වාණිජ ක්ෂෙත්‍රයේ විදුලි බිල වැඩි කර ඇත්තේ 10% කිනි. කර්මාන්ත වල විදුලි බිල 20% කින් ඉහළ නැංවීම කර්මාන්ත වලට එල්ල කරනු ලැබූ මරු පහරකි. කර්මාන්ත වලිනුත් වැඩිම ප්‍රහාරය එල්ල වී ඇත්තේ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට වන අතර ඔවුන් භාවිතා කරනුයේ කර්මාන්ත සඳහා භාවිතා කරන මුළු විදුලියෙන්9%ක් පමණකි. 
Written on

විදුලිය බිඳවැටීම් අස්සේ බංගලාදේශයට එරෙහිව ලංකාවට පහසු ජයක්

Comments
සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වූ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන ඩකා කුසලාන එක්දින තරගාවලියේ ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ගේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8 දැවී ලකුණු 259 ලබා ගන්නා ලදී.

බංග්ලාදේශය වෙනුවෙන් ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු 112 ලබා ගත් අතර නසීර් හුසේන් නොදැවී ලකුණු 73 ලබා ගන්නා ලදී.

Saturday, March 23, 2013

Written on

ඊයේ රාත්‍රී ඇමරිකාවට කඩා වැටුණු උල්කාව

Comments
පසුගියදා රුසියාවේ චෙල්යාබින්ස්ක් නගරයට වැටුණු උල්කාපාතය අහසේදී පුපුරා ගියේ හඳුනා නොගත් පියාසර වස්තුවකින් එල්ල කළ ප්‍රහාරයක් නිසා බවට මත පලවී තිබෙන පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා.

මේ අතර ඊයේ රාත්‍රියේ ඇමරිකාවේ ප්‍රදේශ ගනනාවකට විශාල උල්කාවක් කඩාවැටෙන අන්දම දැකගැනීමට හැකිවී තිබෙනවා.

රාත්‍රී 7.50 ට පමණ විශාල ආලෝකයක් සහිතව සැතපුම් 5කට පමණ ඉහළ අහසේ තත්පරයට සැතපුම් 10ක පමණ වේගයෙන් ගමන් කර ඇති එය ඇමරිකාවේ ප්‍රාන්ත 13කට දර්ශනයවී ඇති බවයි පැවසෙන්නේ.

Written on

මියන්මාරයේ බෞද්ධ-මුස්ලිම් ගැටුමෙන් 20ක් මිය යයි.

Comments
මියන්මාරයේ පවතින බෞද්ධ-මුස්ලිම් ගැටුම් පිළිබඳව ඊයේ අප ඔබ වෙත විස්තර ගෙන එන විට මියගිය සංඛ්‍යාව 5ක් වූ අතර දින තුනක් පුරා පැවතෙන ගැටුම් නිසා මේ වන විට මියගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම ගැටුම් පාලනය කිරීමට මියන්මාර් රජයට තාමත් හැකිවී නැති අතර මුස්ලිම් පාසැල්, පල්ලි හා වෙළඳසැල් ගනනාවකට ගිනි තබා තිබෙනවා.

Written on

එතනෝල් තොගයට ආණ්ඩුවේ ඇමතිවරුන් ගැටෙති

Comments
කෝටි නවයක් වටිනා හොර එතනෝල් තොගය ගෙන්වීම පිටුපස සිටි දේශපාලන හස්තයන් පිලිබඳ පසුගියදා අප විසින් හෙළිදරව් කළ අතර මේ වනවිට එම එතනෝල් තොගයේ වගකීම බාරගැනීම සඳහා අදාල පුද්ගලයන් විසින් බළල් අතක් යොදා තිබේ.

ඒ සඳහා ඉදිරිපත්වූ පාදුක්කේ වටරැක පදිංචි රංග දර්ශන සමරක්කොඩි නමැත්තාට තමා ගෙන්වූ භාණ්ඩ ගැන නිසි දැනුමක් නැත්තෙක් බවද අධිකරණයේදී ඔප්පුවිය. පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුව රිමාන්ඩ් බාරයට පත් කෙළේ ය.

එතනෝල් තොගය ගෙන්වා ඇති ව්‍යාපාරික ස්ථානයේ ලිපිනය ලෙස සටහන්ව තිබුනේ සේපාලිකා උයනේ අංක 369/42 දරන ලිපිනයයි. නමුත් එය මුඩු ඉඩමකි. කෙසේවුවද මෙම එතනෝල් ගෙන්වීම පිටුපස ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිපදෙනෙක්ම සිටින බව එක්ස්ගොසිප් වෙත වාර්තාවේ.

Written on

ජනතාව කන බොන හැටි සොයන්න සමීක්ෂණයක්

Comments
රටේ ජනතවගේ ආදායම් හා වියදම් ගැන සොයාබැලීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

හතර දෙනෙකුගෙන් යුත් පවුලකට හෙවත් සාමාන්‍ය ගෘහ ඒකකයකට මාසිකව ලැබෙන ආදයම හා ඔවුන්ගේ ආහාරපාන හා සේවා ලබාගැනීමට වැයවන මුදල මෙහිදී සමීක්ෂණය කෙරේ.

Written on

රෙඩ් එෆ්. එම් සභාපති චිචි

Comments
VIS Broadcasting මාධ්‍යජාලයට අයත් ව තිබු යුවර් රේඩියෝ සහ යූත් රේඩියෝ එෆ්.එම් නාලිකා මෙයට පෙර විකාශන කටයුතු සිදුකරනු ලබුවත් පසුව එම සංඛ්‍යාත සී.එස්.එන් පාලනය යටතේ සිංහ හා රෙඩ් එෆ්. එම් ලෙස එලි දැක්වූ බව මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියෙමු. 

රෙඩ් එෆ්. එම් පිලිබඳ එක්ස් ගොසිප් කල සොයාබැලීමකදී එහි මුලිකත්වය ගෙන කටයුතු කරන සභාපතිවරයා කවුරුන්දැයි යන්න සොයාගත හැකි විය. 

Friday, March 22, 2013

Written on

ශ්‍රීලාංකික නිළි ගම්‍යා හිංදි චිත්‍රපටයක රඟපෑ අයුරු

Comments
ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් ගෙන් පසුව හිංදි සිනමාවට පා තැබීමේ අවස්ථාව හිමි වුනේ ලාංකික රූ රැජිණක්වූ ගම්‍යා විජයදාස හටයි. මේ අනුව හිංදි සිනමාවේ සිටින දෙවන ශ්‍රීලාංකික රූ රැජිණ වන්නේ ගම්‍යා ය.

2009 වසරේ දී මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කළ අතර සිංහළ සිනමාවට දායක වන්නට ආරාධනා ලැබුනත් ඒ පිළිබඳව ඇය සෑහීමකට පත් නොවුන නිසා ප්‍රතික්ෂේප කළ බවයි දැනගන්නට ලැබුනේ.

Aalaap බොලිවුඩ් චිත්‍රපටයේ Chadti Jawaani ගීතයට ඇය රඟපෑ අයුරු පහතින්

Written on

Bra collection launch with Yureni & Sangeetha

Comments

Written on

මියන්මාරයේ බෞද්ධ- මුස්ලිම් ගැටුම් ඇවිලෙයි

Comments
බංගලාදේශයේ මීට මාස 5කට පමණ පෙර ඇතිවූ මුස්ලිම්-බෞද්ධ ගැටුම් නිසා බෞද්ධ පංසල් කිහිපයක් හා නිවාස කිහිපයක් ගිනි තැබීම නිසා විනාශ වුණා.

ඊයේ හා පෙරෙදා දිනයන්හි මියන්මාරයේද බෞද්ධ- මුස්ලිම් ගැටුම් ඇතිවූ අතර ගැටුම් නිසා මේ වනවිට 39 දෙනෙකු තුවාල ලබා සිටින අතර බෞද්ධ භික්ෂුවක් ඇතුලු 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

ගැටුම් නිසා මුස්ලිම් පල්ලියක්, නිවාස කිහිපයක් හා වාහනද ගිනිබත් කර තිබෙන අතර ගැටුමට හේතුවී තිබෙන්නේ Meikhtila නගරයේ පිහිටි මුස්ලිම් හිමිකරුවෙකුගේ වෙළඳසැලකදී බෞද්ධ පාරිභෝගිකයෙකුට වූ පහරදීමක් දුරදිගයාමයි.

Written on

සිහින් කාන්තාවන් රවීනා තණ්ඩන්ගේ දෝෂ දර්ශනයට

Comments
බොහෝ මෝස්තර නිරූපිකාවන් හා නිළියන් තමන්ගේ ඇඟ සිහින්ව තබාගැනීමට උනන්දුවක් දක්වනවා.

1994 වසරේ තිරගතවූ මොහ්රා චිත්‍රපටයේ ජනප්‍රිය නිළියක් වූ රවීනා තණ්ඩන් පසුගියදා මුම්බායි නගරයේ පැවති මෝස්තර නිරූපිකාවන් සහභාගී වන උත්සවයකට පැමිණියා.

එම උත්සවයට සඳහා සහභාගී වී තිබෙන්නේ ඉතා කෙට්ටු ඉන්දියානු නිරූපිකාවන්ය. එහිදී රවීනා තන්ඩන් එලෙස ශරීරය සිහින් කාන්තාවන් දෝෂ දර්ශනයට ලක්කර තිබුණා

"කාන්තාවකට ප්‍රියමනාපතාවයක් හා ස්ත්‍රී ලාලිත්වයක් තිබිය යුතුයි. අද බොහෝ කාන්තාවන් කෙට්ටුයි. කෝටු කෑලි වගේ. එය කනගාටුදායක කරුණක්. අද නිළියන් නටද්දී ඔවුන්ගේ කකුල් පේන්නේ කෝටු කෑලි දෙකක් හෙලවෙනවා වගේ. ඒක හරිම විහිලුවක්.

Written on

රන්ජන්ට පනහයි - විග් එකට 14 යි!

Comments
රන්ජන් එක්ස් ගොසිප් වෙත කතා කරයි

අප විසින් පල කල ලිපිය මගින් රන්ජන් රාමනායකගේ පෞද්ගලික ජීවිතයටත්, එම ලිපියේ සඳහන් කර තිබු නිළියන්ගේ පෞද්ගලික ජිවිත වලටද හානියක් වන බැවින් එය වෙබ් අඩවියෙන් ඉවත් කරන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය නළු රන්ජන් රාමනායක අපගෙන් කාරුණික ඉල්ලීමක් සිදුකොට තිබුණි.

රන්ජන් රාමනයාක මහතා කල එම ඉල්ලීමට ගරු කරමින් එම ලිපිය වෙබ් අඩවියෙන් ඉවත් කරන ලදී.
Written on

චීනය සමඟ චන්ද්‍රිකා යැවීම ගැන ඉන්දියාව කනස්සල්ලෙන්

Comments
චීනය සමඟ එක්වී ලංකාව චන්ද්‍රිකා කක්ෂගත කිරීම ගැන ඉන්දියාව කනස්සල්ලෙන් සිටින බව "ද හින්දු පුවත්පත" පවසනවා.

ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පිලිබඳ ලේකම්වරයා මේ පිළිබඳ සාකච්ජා කිරීමට ලබන සතියේ අමාත්‍ය මණ්ඩල සාකච්ජාවක් කැඳවීමටයි බලාපොරොත්තු වන්නේ.

මෙයට ආසන්නතම හේතුව වී තිබෙන්නේ චීනයේ සමඟ සහයෝගිතාවයකින් යුතුව ලංකාව විසින් සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව ඉන්දියාවට ආසන්න අභ්‍යාවකාශයේ රැඳවීමයි. ඉදිරියේදීද කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන මෙම චන්ද්‍රිකා වලට ඉන්දියාව ආවරණය වීම තුලින් ඉන්දියාවට තර්ජනයක් වේද යන්න පිළිබඳ ඉන්දියාව අවධානයෙන් සිටින බවයි වාර්තා වෙන්නේ.

Thursday, March 21, 2013

Written on

ලෝකයේ සැහැල්ලුම ඝන ද්‍රව්‍යය නිපදවයි

Comments
චෙරි මලක් මත පවා සමබර කළ හැකි මෙතෙක් ලෝකයේ නිපදවූ සැහැල්ලුම ඝන ද්‍රව්‍යය නිපදවීමට චීනය සමත්වී තිබෙනවා.

මෙම ද්‍රව්‍යයේ ඝන සෙන්ටිමීටරයක බර මිලිග්‍රෑම් 0.16කි. එනම් ඝන මීටරයකම බර වනුයේ ග්‍රෑම් 160කි (160g/m3).

හයිඩ්‍රජන් වායුවේ ඝනත්වය සමඟ සැසඳීමේදී එමෙන් දෙගුණයකි. හීලියම් වායුවටත් වඩා ඝනත්වය අඩුය.

ග්‍රැෆේන් ඔක්සයිඩ් හා ඝන වියලි කාබන් උපයෝගී කරගන නිපදවා ඇති මෙතෙක් ලෝකයේ නිපදවූ ඝනත්වයෙන් අඩුම ඝන ද්‍රව්‍යය වන මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇත්තේ චීනයේ Zhejiang විශ්ව විද්යාලයේ කණ්ඩායමක් විසිනි.

Written on

හෝටල් උන්මාදයෙන් වැනසෙන යාල

Comments
යාල වනෝද්‍යානයට අයත් පටන්ගල මුහුදු තීරයේ සංචරක හෝටලයක් ඉදිකිරීම සඳහා රජයේ ප්‍රභූ පවුලකට අයත් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සුදානම් වේ.

මොහු විසින් අදාල ප්‍රභූ පවුලට අයත් මුදල් යොදවා මේ වන විටත් රට පුරා සංචරක හෝටල ගණනාවක් ඉදිකර ඇති අතර ඇතැම් ඒවා පිළිබඳ Exgossip අප මීට පෙරද හෙළිකරන ලදී.

මෙම ව්‍යාපෘතියට අදාල කිසිඳු පාරිසරික ශක්‍යතා අධ්‍යයනයක් සැලකිල්ලට නොගනිමින් තම බලය යොදවා අදාල අමාත්‍යය වරයා විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැගීමට සුදානම් වේ.

Written on

සන්ජේ දත් වසර පහක් හිරේට

Comments
1993 මුම්බායි නුවර බෝම්බ ප‍්‍රහාරයට සන්ජේ දත් සම්බන්ධ බව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණයකොට තිබෙනවා. 

ඒ අනුව ඔහුට වසර පහක සිර දඬුවමක්ද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියම කොට තිබෙනවා.

තවත් එම ප්‍රහාරය සම්බන්ධ "යකුබ් අබ්දුල් රසාක්" ඇතුළු තවත් දස දෙනෙකුට මරණ දණ්ඩනය නියම කෙරුණ අතර ප්‍රහාරය පසුපස සිටියී පකිස්තානයේ රහස් ඔත්තු සේවය බවද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහවුරු කරගෙන ඇත.

Written on

වාස් ගුණවර්ධනගේ ආගමනයෙන් සලිතවූ මර්වින්

Comments
පාතාලය හොඳින් හෝ නරකින් මර්දනය කිරීම තුල රට පුර නමක් දිනු වාස් ගුණවර්ධන කොළඹ උතුර බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීම තුලින් මර්වින් සිල්වා සහ ඔහුගේ කුප්‍රකට සහචරයන් තරමක් සලිතව ඇත.

මිට ප්‍රථම විවිධ අවස්ථාවලදී මර්වින් සිල්වාගේ ගෝලයන් දොළොස් දෙනෙකුට පමණ පහර දී ඇති වාස් ගුණවර්ධන පිලිබඳ මර්වින් සිල්වා පසුවන්නේ දැඩි කෝපයකිනි.

මේ බව නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනත් දනී. ජනාධිපති තුමන්, ආරක්ෂක ලේකම්තුමන් සහ බැසිල් රාජපක්ෂ සමගින් වාස් ගුණවර්ධන විශ්වාසවන්ත සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම තුළ මෙවර මර්වින් සිල්වා "ශේප් නියායෙන්" මොහු සමග ගනුදෙනු කිරීමට අපේක්ෂාවෙන් සිටියි.

Written on

දමිතා නිසා එෆ්.එම් නිවේදකයෙක් ගෙදර

Comments
දමිතා අබේරත්න සහ සේමිණි ඉද්දමල්ගොඩ නිලියන් අතර තිබෙන විරසකය පිලිබන ලිපියක් මෙයට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

එමගින් කියවුනේ දමිතා අබේරත්න එෆ්. එම් නාලිකාවක් තුලින් ප්‍රසිද්ධියේ අපහාස කිරීම හේතුවෙන් සේමිණි ඉද්දමල්ගොඩ නඩු පැවරීමට කටයුතුකොට තිබු පුවතක් ගැනයි. 

එම සිදුවීමෙන් අනතුරුවත් දමිතා ගුවන් විදුලු වැඩසටහනකට සහභාගී වීමට සිය පෞද්ගලික හිවත්වත්කම් භාවිතා කිරීම් තුලින් අද දිනය වන විට එෆ්. එම් නාලිකාවක රැකියාවේ නියුතු නිවේදකයෙක් හට රැකියාව අහිමිවී තිබේ. 

Written on

Miss Earth-2011 කිරුළ දිනූ Olga Alva ලංකාවට එයි

Comments
පිලිපීනයේ පැවැත්වූ මිස් එර්ත්-2012 තරඟාවලියේ අවසන් වටය පසුගිය නොවැම්බර් 24 වනදා පැවති අතර රටවල් 81ක් නියෝජනය කරන එම තරඟාවලිය සඳහා ලංකාව නියෝජනය කරමින් පිටත්ව ගියේ චතුරිකා ආරියවංශ යි

2011 මිස් ඒර්ත් සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගී වුනේ පූජානි වෑකිරිගලයි. එම තරඟාවලියේ කිරුල දිනාගත් Olga Alva මේ දිනවල ලංකාවේ සංචාරයකට පැමින තිබෙනවා.

පසුගිය ඉරිදා ඇය කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති උත්සවයකට සහභාගී වූ අතර එහිදී ගත් ජායාරූප හා මහනුවර, පින්නවල ආදී ප්‍රදේශ නැරඹීමට ගොස් ගත් ජායාරූප කිහිපයක් පහතින්.