Wednesday, April 10, 2013

Written on

2013 අලුත් අවුරුදු නැකැත් වේලාවන්

Comments
  • පරණ අවුරුද්ද සඳහා ස්නානයටඅප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
  • අලුත් අවුරුදු උදාවඅප්‍රේල් මස 14 වන ඉරිදා පූර්ව භාග 01.29 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
  • පුණ්‍ය කාලයඅප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපර භාග 07.05 සිට අප්‍රේල් මස 14 වන ඉරිදා දින පූර්ව භාග 07.53 දක්වා පූණ්‍ය කාලය බැවින්, අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපර භාග 07.05 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද , 
  • පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන ඉරිදා දින පූර්ව භාග 01. 29 සිට පූර්ව භාග 07.53 දක්වා පහත දැක්වෙන අයුරු වැඩඇල්ලිම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර විධි ඉටුකිරිම ද මැනවි.
Written on

එමා නිරුවත් රැඟුම ගැන කනස්සල්ලෙන්

Comments
හැරී පොටර් චිත‍්‍රපට මාලාවේ හැරී පොටර් ගේ ප‍්‍රධාන සහායිකාව ලෙස ලොව පුරා ප්‍රචලිත වූ එමා වොට්සන් රඟපෑ අලුත්ම චිත්‍රපටය වන “The Perks of Being a Wallflower” හි ඇය රඟන ලද දර්ශනයක් කාගේත් අවධානයට ලක්වී තිබේ.

The Perks of Being a Wallflower චිත්‍රපටයේ ඇති එම අඩනිරුවත් ජවනිකාව සම්බන්දයෙන් අදහස් දක්වමින් එමා මාධ්‍යට පසුගිය සතියේ පැවසුවේ තමන් එම ජවනිකාවට කිසිසේත්ම කැමැති නැති බවත් , සිරුර තැනින් තැන නිරාවරණය වී තිබුණු එම රංගනය නැවත මතක් කරන්නට පවා එමා කැමැති නැති බවත්ය.

එමා මාධ්‍යට චිත්‍ර පටයේ දර්ශන සම්බන්දයෙන් කුමන අදහස් දැක්වුවද , The Perks of Being a Wallflower චිත්‍රපටය ප්‍රථම වරට එළිදැක්වීම සඳහා පවතී උළෙල සඳහාද ඇය පපු පෙදෙස නිරාවරණය වන ආකාරයේ ඇඳුමකින් සැරසී සිටින ලදී.
Written on

සනත් හා මලිකාගේ අපුරු උපන්දින උත්සවය

Comments
සනත් ජයසුරියගේ තෙවන විවාහය පසුගියදා මලීකා සිරිසෙනගේ සමඟ සිදුවිය. මලිකා හමුවීමෙන් අනතුරුව සනත් සිය දෙවන බිරිය වන සැන්ඩ්‍රාගෙන් දික්කසාද වීමට නඩු පවරනු ලැබීය. නමුත් මේ වන විටත් එම නඩුව අවසන් වී නොමැත. 

එහෙයින් මාධ්‍යයට හොර රහසේ කල සනත්ගේ විවාහය නීතියට පටහැනි එකකි. මෙම රහස හෙලිවීම වලක්වාගැනීමට ජයසූරිය උත්සාහ දැරුවේ මෙය මිතුරක් එක්ව පැවැත්වූ විනෝද සාදයක් පමණක් බව ප්‍රකාශ කිරීමෙනි. 

සනත් මාධ්‍යය වලට දිගින් දිගටම පැවසුවේ එම කතාව බොරුවක් බවත් තමන් තවමත් දරුවන් තිදෙනා සමගින් සිටිනා බවකි. ඒ නීතියට මුවාවීම උදෙසාය. නමුත් සිය අප්‍රසිද්ධ විවාහයෙන් අනතුරුව සනත් තවමත් සැන්ඩ්‍රා සමගින් විසීම මලිකා ගේ සිත් තැවුලට හේතුවී තිබු අතර මේවනවිට ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයේ තත්වය කුමක්දැයි අප වෙත වාර්තා නොවේ. 

පසුගියදා මලීකා විසින් වෙබ් අඩවියකට පවසා තිබුනේ සනත් සමග හිතවත්කමක් තිබුනත් විවාහ වුයේ නැති බවය. ඉදිරියේ සනත් හා විවාහ වීමට අදහසක් නොමැති බවද ඇය අදහස් දක්වා තිබුණි. 

මෙම දෙදෙනාගේම අදහස් මෙසේ පළකරද්දී මාධ්‍යයට හෙළි නොකළ ඇතැම් කරුණුද අප මෙසේ ගෙන හැරපාන්නේ එදින උපන්දින සාදයකට වඩා දෙයක් සිදුවූ බවට සාක්ෂි සැපයීමටය. 
Written on

තට්ටා හම්බන්තොටට

Comments
පාකිස්තානයේ තට්ටා සිමෙන්ති සමාගම හම්බන්තොට වරායේ සිමෙන්ති ඇඹරුම් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා සූදානම්වේ .

තවද අදාළ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමේ ක්‍රියාවලියේ අවසන් අදියරට මේවනවිට ඔවුන් පැමිණෙමින් තිබෙන බවද අනාවරණය වේ මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා අවශ්‍ය ඉඩම් වසර 25 ක කල්බදු පහසුකම මත ලබාගැනීම සඳහා සමාගම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ගිවිසුමකට එළඹී තිබේ.
Written on

නදීෂා හා ගයේෂා චන්දික වෙනුවෙන් රණ්ඩු කලාද ?

Comments
පසුගිය සතියේ මව්බිම පුවත්පතේ හදගැස්ම අතිරේකයේ පුවතක් පලවිය. එයින් කියවුනේ දෙරණ කලා ගමේ අවුරුදු උත්සවයේ සිදුවූ සිදුවීමක් පිලිබඳවය. 

පුවත්පත වාර්තා කොට තිබු පරිදි නදීෂා හේමමාලි සහ ගයේෂා පෙරේරා චන්දික නානායක්කාර සමග ජායරුපයකට පෙනී සිටීම සඳහා කෙහෙවලු පටලවාගෙන ඇත. 

ඒ දෙදෙනාම චන්දික තමාගේ ටෙලි නාට්‍යයවල පෙම්වතා බව පවසමිනි. නමුත් එක්ස්ගොසිප් කල සොයාබැලීමකදී හෙලිවුයේ එය ජායාරුප ශිල්පියා විසින් ගොතන ලද කතාවක් බවය. 

කලා ගමේ අවරුදු සඳහා නදීෂා හේමමාලි තනිවමත් ගයේෂා පෙරේරා සිය පෙම්වතා හසන්ජිත් සමගත් සහභාගී වී ඇත. 

ගයේෂා පෙරේරා මෙම දිනවල රඟපෑමේ යෙදෙන "රජ වත්ත" නම් ටෙලි නාට්‍යයේ පෙම්වතා වන්නේ චන්දිකය. 

Tuesday, April 9, 2013

Written on

සැළලිහිණි වසන්තය 2013

Comments
නුවරඑළිය සැළලිහිණි වසන්තය 2013 සමාරම්භක උළෙලෙහි විලාසිතා දැක්ම පසුගියදා තුරඟපිටියේදී පැවැත්වුණා. එහි ජායාරූප එකතුවක් පහතින්.

ජායාරූප ස්තූතිය: ජෙත්‍රෝ රත්නායක

Written on

ස්ත්‍රී දූෂණ වළකන ඇඳුමක් ඉන්දියාවෙන්

Comments
ස්ත්‍රී දූෂණයකින් ගැලවිය හැකි ඇඳුමක් සැකසීමට ඉන්දියාවේ ඉංජිනේරු සිසුවියන් දෙදෙනෙකු සමත්වී තිබෙනවා.

යම් පුද්ගලයෙකු විසින් අතවරයක් කිරීමට යාමේදී මෙම යට ඇඳුමේ පපු ප්‍රදේශයේ ඇති පීඩක සංවේදක මඟින් ස්ත්‍රී දූෂකයාට 3,800 KV විදුලි බලයක් වදින ලෙස මෙය සකසා ඇත.

ඉන් පසුව ජීපීඑස් මඟින් එම අතවරය සිදුවන ස්ථානයද එස්.එම්.එස් පණිවිඩයම් මඟින් ලඟම පොලීසිය වෙත හා ඇයගේ දෙමාපියන් වෙන යැවේ.

Written on

"ස්පන්දන" Shooting

Comments
සුනෙත් මංගල ලොකුහේවාගේ අලුත්ම චිත්‍රපටය වන "ස්පන්දන" හී සියලුම රූපගත කිරීම් මේ වනවිට අවසන්ව ඇති බව අප වෙත වාර්තාවේ.

මෙහි රූගත කිරීම් බොහොමයක් තලවතුගොඩ, බෝපත් ඇල්ල, බණ්ඩාරවෙල, ඉංගිරිය යන ප්‍රදේශ වලදී සිදුකර ඇති අතර රොෂාන් රණවන, ශලනි තරකා සහ දිල්හානි අශෝකමාලා මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනු ලබයි.

‘ස්පන්දන‘ චිත්‍රපටයේ තිරගත කිරිම අතරතුරදී ගත් ජායාරූප පහත දැක්වේ.

Written on

නව කැසිනෝ හල ගැන රවී කතා කරයි

Comments
කොළඹ ලේක් හවුස් ආයතනය ආසන්නයේ අක්කර දෙකහමාරක දැනට මෝටර් රථ ගාලක් තිබෙන ඉඩමේ ඉදිකිරීමට යන තරු පහේ හෝටලයේ විදේශීය කැසිනෝ ජාලයක් ස්ථාපිත කිරීමට වඩා තමන් ප්‍රමුඛත්වය ලබාදෙන්නේ තමාගේ කැසිනෝ හලක් පිහිටුවීමට යැයි ව්‍යාපාරික රවී විජේරත්න කියයි. 

තමා සහ ව්‍යාපාරික සන්ධානයක් එක්වී සිදුකරන මෙම ව්‍යාපෘතිය යටතේ කාමර 400 කින් සමන්විත හෝටලයක් ගොඩනගන බවත් ඒ සඳහා ඩොලර් මිලියන 350 ක පමණ ආයෝජනයක් යන බවත් හෙතෙම කීය.
Written on

මාතලේ සමුහ මිනිවලේ ඇත්ත කතාව

Comments
මේ දිනවල වඩාත් ආන්දෝලනයට ලක්වතිබෙන මාතලේ සමුහ මිනීවල 1986 හා හා 1990 අතර සිදුවූවක් බවට සාක්ෂි මේවනවිට තහවුරුකරගෙන තිබේ. 

නමුත් තවමත් ඇතැම් රජයේ වගකිවයුතු නිලධාරීන් ඒ පිළිබඳව දෙබිඩි මතයන් පළකරන්නේ කව්රු ආරක්ෂා කිරීමේ උවමනාවෙන්ද යන්න පිලිබඳ සැකයක් පවතී. 

මාතලේ සමුහ මිනීවලට සම්බන්ධ ප්‍රධාන් පාර්ශව දෙක වන්නේ එකල එක්සත් ජාතික පාක්ෂික රජය සහ ජනතා විමුක්ති පෙරමුණය. නමුත් මේවනවිට මෙය රජයතුල වඩාත් උණුසුම් වී ඇත්තේ එකල මාතලේ හමුදාවේ ඉහල නිලයක් වත්මන් ආරක්ෂක ලේකම්වරයා විසින් දරා ඇති හෙයිනි.

එය "ගොටාස්වෝර්" නම් කෘතියේ ඉතා පැහැදිලිව දක්වා ඇත. මේ පිලිබඳ තවත් සාක්ෂි මාතලේ භීෂණ කාලයේ සිය පුතුන් දෙදෙනාම අහිමිවූ මවක් විසින් හෙළිකොට තිබේ. 

Monday, April 8, 2013

Written on

IPL තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉවත් කරගන්න - ගෝලීය දෙමළ සංසදය

Comments
ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉවත් කරගන්න යැයි එල්.ටී.ටී.ඊ ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානතම පාර්ශවය වන ගෝලිය දෙමළ සංසදය (G.T.F) අනතුරු අගවා ඇත.

ජයලලිතා ප්‍රමුඛ කොටි හිතවාදීන්ගේ බලවත් තර්ජනය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් චෙන්නායි හි ක්‍රීඩා නොකරයි.

Written on

ලංකාවේ කෙල්ලන් තිතට මත - නවතම වාර්තා

Comments
ජායාරුප සාක්ෂි සහිතයි 

TKS සමීක්ෂණ ආයතනය මගින් සිදුකල නවතම සමික්ෂණ යකට අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් මත්පැන් භාවිතා කිරීමේ සීග්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව සොයාගෙන ඇත.

මෙම සමීක්ෂණය සඳහා කොළඹ ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා නියුතු කාන්තාවන් සහ විශ්වවිද්‍යාලය වල ඉගනුම ලබන සිසුවියන් යොදාගෙන ඇත. TKS සමීක්ෂන ආයතනයේ විශ්ලේෂණ නිලධාරිනි අබේසිංහ මහත්මිය පවසා සිටියේ මෙමෙ කාන්තා පිරිස් අතරෙන් බහුතරය යුද්ධය අවසාන වීමෙන් අනතුරුව (2009) මෙලෙස මත්පැන් පානයට යොමුවී ඇති බවයි.

සමීක්ෂණය හෙළිකරන පරිදි මත්පැන් භාවිතයට හේතු වශයෙන් සංචාරක කර්මාන්තයේ වර්ධනය, ආකල්පමය වෙනස්වීම්, විදේශ ගත පිරිස් ලංකාවට පැමිණීම සහ අදායම් මට්ටමේ ඉහල යාම දක්වා තිබේ. තවද බිර වර්ග සහ පලතුරු රසයෙන් යුත් මධ්‍යසාර වර්ග තරුණ පිරිස් අතර වඩාත් ප්‍රචලිතව පවතී.
Written on

ෆේස්බුක් දැමූ ජායාරූපයට ගල් ගසා මැරිය යුතුයි කිවාට උඩුකය නිරුවත් විරෝධතා

Comments
FEMEN ලෙස හඳුවන යුක්‍රේනයේ කාන්තා සංවිධානයක් ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ උඩුකය නිරුවත් උද්ඝෝෂණ පැවැත්වීම සඳහාය.

විවිධ හේතූන් සඳහා මෙම සංවිධානය මඟින් උඩුකය නිරුවත්ව විරෝධතා පවත්වන අතර ඔවුන්ගේ ඒ ඒ රටවල පැවැත්වෙන විරෝධතා වල ජායාරූප ඇතුලත් ෆේස්බුක් පිටු කිහිපයක්ද තිබෙනවා.

මේ අතර මෙම කාන්තා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන 19 හැවිරිදි Amina Tyler විසින් ඇගේ උඩුකය නිරුවත් ජායාරූප දෙකක් ප්‍රසිද්ධ කර තිබීම මුස්ලිම් ප්‍රජාව අතර පසුගියදා මහත් කතාබහකට ලක්ව තිබුණ.

Written on

ෂෙරිල් සහ අකලංකගේ නව ජායාරූප

Comments
ජායාරුප ශිල්පී මීෂා ගුණවර්ධන, ෂෙරිල් රොමේන් සහ අකලංක ගනේගම යොදාගෙන සිදුකළ චායාරුප ගතකිරීමේ ජායාරුප එකතුව අප වෙත ලැබී තිබේ.

මෙය නුදුරේදී පලකිරීමට යෝජිත වෙළඳ දැන්වීමක් සඳහා සිදුකරන ලද්දකි.

මීෂා ගුණවර්ධන යනු ඉරෝෂා පෙරේරාගේ (නිරෝෂා පෙරේරාගේ නැගණියගේ) පෙම්වතා ලෙසද වාර්තා වේ.

Written on

බඩු ගණන් කියන්නේ බොරු..ගම් වල මිනිස්සු සතුටින් කාල බීල ඉන්නවා- අගමැති

Comments
ජනාධිපති කාර්යාල සුභසාධක සංගමය මඟින් සංවිධානය කර තිබූ බක්මහ උළෙලක් ඊයේ තිඹිරිගස්යාය පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එයට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා ඊයේ කියා සිටියේ බඩු ගණන් කියලා ඇතැමුන් කරන චෝදනාව බොරුවක් බවත්, ගම් වල මිනිසුන් සන්තෝසයෙන් කා බී ජීවත් වන බවත්ය.

"සමහරු කියනවා අවුරුදු කන්ඩ බෑ... බඩු ගනන් වැඩි... බඩ වේලෙනවා කියලා.... ගම් වල ගිහින් බලන්න, බඩ වේලෙනවද සන්තෝසයෙන් ජීවත් වෙනවද කියලා..." එම වීඩියෝව පහතින්.

Sunday, April 7, 2013

Written on

දීපානි-වෙල්ගම-නයනා හුටපටයෙන් පසු නයනාගේ සැලුන් එකට ප්‍රහාරයක්

Comments
පසුගියදා කලා ලෝකයේ මහත් ආන්දෝලනයක් ගෙනදුන් පුවතක් වූයේ අමිල අබේසේකර හා ව්‍යාපාරික කාන්තාවක් වූ දීපානි සමරසිංහගේ හුටපටයකට ඇමති වෙල්ගම හා නයනා කුමාරිද ඈඳුණු පුවතකි.

එම සිද්ධියේදී ඇමති වෙල්ගමට හිතවත් කාන්තාවක වන දීපානි සමරසිංහ සමඟ අමිල අබේසේකරගේ ඇයි හොඳයියක් තිබෙන බව ඇමති වෙල්ගමගේ කනේ තබා ඇත්තේ නයනා කුමාරිය.

කෙසේ වුවද මෙම සිද්ධියෙන් පසුව නයනා කුමාරිගේ මහරගම පිහිටි බියුටි සැලුන් එකට අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇති බවට වාර්තා වුණා.

Saturday, April 6, 2013

Written on

නවතම දිවි මකුළු විශේෂයක් ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් සොයාගනී

Comments
නවතම ගෙඹි විශේෂ කිහිපයක් ශ්‍රීපාද වනාන්තරයෙන් සොයාගත් පුවතක් එක්ස්ගොසිප් මීට පෙර අප ඔබට ගෙන එන ලදි.

මේ අතර ප්‍රමාණයෙන් ඉතා විශාල නවතම දිවි මකුළු විශේෂයක්ද ලංකාවේ උතුරු ප්‍රදේශ වලින් සොයාගන තිබේ.

Poecilotheria rajaei ලෙස විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඔවුන් ප්‍රමාණයෙන් මිනිස් මුහුණකට සමාන වන අතර පාද සමඟ අඟල් 8ක් පමණ දිගින් යුක්තය.

Written on

2012 දෙරණ ලක්ස් මියුසික් වීඩියෝ සම්මාන උළලේ විශේෂ අවස්ථා

Comments
මට අධි රුධිර පීඩනය තියෙනවා..මිට පස්සේ මේවා බලන්න මට ආරධනා කරන්න එපා - සෝමරත්න දිසානායක 

ඊයේ දිනයේ පැවති දෙරණ ලක්ස් මියුසික් වීඩියෝ සම්මාන උළලේ විශේෂ අවස්ථාවන් කිහිපයක් අප වෙත වාර්තා විය.

එහිදී වසරේ හොඳම වීඩියෝව ලෙස පෙරළිකාර වීඩියෝ අධ්‍යක්ෂකවරයෙකු වන අයේෂ් විජේරත්න විසින් නිර්මාණය කල ටෙහාන් පෙරේරා ගායනා කල "ලොකු සීන් එපා" ගීතයට හිමිවිය. වසරේ විශිෂ්ඨතම රුප රචනය සදහා රන් සම්මානය ලැබුවේ අතුල සමිතා විසින් ගායනය කරනු ලැබූ "ඉවසයිද මන්දා" ගීතයේ රුප රචනයය. එය අධ්‍යක්ෂණයකොට තිබුනේ දෙරණේ පුර්ණිකා පෙරේරාගේ සැමියා වන සහන් ය.

රිදී සම්මානය රොෂාන් ප්‍රනාන්දුගේ "ඔයා නිසා හඬලා" ගිතයටද ලෝකඩ සම්මානය රුවන් හෙට්ටියාරච්චිගේ "නොදැක ඉන්න බෑ"ගිතයටද හිමිවිය.

Friday, April 5, 2013

Written on

ODEL ආයතනය "Lesbian" ප්‍රවර්ධනය කරන්නේද ?

Comments
මෑතකදී ODEL ආයතනය යොදාගත් වෙළඳ ප්‍රවර්ධන උපාය මාර්ගයක් හේතුකොට ගෙන ODEL යතනය "Lesbian" ප්‍රවර්දනය කරන්නේද, එම ආයතනයේ හිමිකාරිත්වයේ ස්වභාවය කෙසේද යන කරුණු සම්බන්දයෙන් ශ්‍රී ලංකාවේ සිටින පුවත් විචාරකයන් සහ Twitter වැනි සමාජ ජාල භාවිතා කරන්නන් අතර මේ වන විට සංවාදයක් ගොඩනැගෙමින් පවතී.

මෙම සංවදයට මුල ආරම්භය, ශ්‍රී ලංකාවේ පලවන ඉංග්‍රීසි පුවත් පතක් ODEL ආයතනය කාන්තාවන් දෙදෙනෙකු යොදා ගෙන පලකරන ලද දැන්වීමක් පදනම් කරගෙන සිදුකරන ලද ලිපියක් මගින් සපයන ලදී. එම ලිපිය මගින් ODEL ආයතනය "Lesbian" ප්‍රවර්ධනය කිරීම සිදුකරන බව ඉඟි කරමින් සඳහා කරුණු ගණනාවක් දක්වා තිබුණි.

මෙම දැන්වීමේ තුරුලුව සිටින කාන්තාවන් දෙදෙනාට පහලින් " හොඳම ජෝඩුව" (Perfect Pair) ලෙස සටහන් කොට වගන්තියක් පවතියි. තවද මෙහි දැක්වෙන කාන්තාවන් දෙදෙනාගේ ඉරියවු තුල කාන්තා ලාලිත්වයට වඩා "Lesbian" වෙළඳ දැන්වීම් තුල බහුලව භාවිතා වන එක් කාන්තාවක් තවත් කාන්තාවක අභිබවා සිටින ආකාරයේ ඉරියව්වක් පැවතීම, විචාරකයනේ කුකුස ODEL ආයතනය වෙත තවදුරටත් යොමු වීමට හේතුවන ලදී.

Written on

චීන න්‍යෂ්ටික සබ්මැරීන් ලංකාවේ දකුණු මුහුදේ

Comments
චීනයට අයත් න්‍යෂ්ටික සබ්මැරීන් ලංකාවේ දකුණු මූහුදේ සැරිසරන බව ඉන්දියානු හා ඇමරිකානු බුද්ධි අංශ පවසනවා.

ඉන්දියානු නාවික හමුදා රේඩාර් වලට අවස්ථා 13කදී මෙම සබ්මැරීන් ලංකාවට දකුණු මුහුදේ සැරිසරද්දී හසුවී ඇතැයි වාර්තාවේ.

මෙලෙස සබ්මැරීන් වල පළමුවරට හසුවී තිබෙන්නේ 2012 අගෝස්තු මාසයේය. අනතුරුව ගතවූ මාස 8ක කාලය තුළ අවස්ථා 23කදි හඳුනා නොගත් මෙම සබ්මැරීන් වල ක්‍රියාකාරකම් හසුවී තිබේ.

Written on

HSBC Colombo Fashion Week

Comments
පළමු දිනයේ ජායාරූප


දෙවන දිනයේ ජායාරූප

Written on

ඇමරිකාවට පහරදෙන මොහොත ඉතා ලඟයි- උතුරු කොරියාව

Comments
ඇමරිකාව විසින් නව මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපනය කරයි.

ඊයේ උතුරු කොරියාව විසින් කිලෝමීටර් 3,000ක දුරට පහරදිය හැකි BM25 Musudan නම් මිසයිලයක් ස්ථාපනය කරමින් පැවසුවේ ඇමරිකාවට පහරදෙන මොහොත ලංවන බවයි.

ඒ සමඟ ඇමරිකාව විසින් ඊයේ Guam දුපත වෙත නව මිසයිල ආරක්ෂණ පද්ධතියක් යවනු ලැබුවා. එය සති 2ක් ඇතුලත ස්ථාපනය කරන බවයි පෙන්ටගනය පැවසුවේ. Guam යනු ෆැසිෆික් මුහුදේ පිහිටි ඇමරිකානු ගුවන් හා නාවික කඳුවුරකි.

THAAD හෙවත් Terminal High Altitude Area Defense නමින් හඳුන්වන මෙම ස්වයංක්‍රීය මිසයිල ආරක්ෂක පද්ධතිය මඟින් සිදුකෙරෙන්නේ හඳුනාගත් මිසයිලයක් වෙත විශාල චාලක ශක්තියක් සමඟ ප්‍රති මිසයිලයක් යවා එය විනාශ කිරීමයි.

Written on

ගීතා කුමාරසිංහගේ කෝපි ප්‍රහාරයේ ඇත්ත නැත්ත

Comments
කෝපි වලින් නෙමෙයි පිහියෙන් අනින්න තිබ්බේ - ගීතා එක්ස් ගොසිප් වෙත කියයි.

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ඊයේ (04 දා) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී බෙන්තර-ඇල්පිටිය ආසන සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපති (එ.ජ.නි.ස.) රංජිත් වික්‍රමසිංහ මහතාට කෝපි කෝප්පයකින් පහරදී ඇතිබවට පුවතක් වාර්තා වී තිබුනා. 

ආණ්ඩු පක්ෂයට සාමාජිකයන් බන්දවාගනිමේදී ගැටළුවක් ඇතිවූ බහින්බස් වීමකදී මෙසේ කෝපි ප්‍රහාරයක් එල්ලවූ බවත් ඉන්පසුව දෙදෙනා අසභ්‍යය වදනින් බැන ගත් බවත් වාර්තා වුවා. 

මෙම සිදුවීමේ ඇත්ත නැත්ත දැනගැනීම සඳහා එක්ස් ගොසිප් ගීතා කුමාරසිංහ දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා. එහිදී අදහස් දැක්වූ ගීතා කියා සිටියේ මෙවැන්නක්. 

Thursday, April 4, 2013

Written on

වරාය සභාපති ක්‍රිකට් ආයතනයේ මුල් පුටුවට

Comments
ශ්‍රිලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වරාය අධිකාරී කණ්ඩායම නියෝජනය කරමින් PBW Munige නමින් පළමු පෙළ ක්‍රිකට් පිටියට පිවිස ඇත.

සී.සී.සී ක්‍රීඩා සමාජය සමග පසුගිය සෙනසුරාදා සිට සදුදා දක්වා පැවති තෙදින තරගය සදහා ඔහු වරාය අධිකාරී කණ්ඩායම නියෝජනය කරමින් එක්ව සිටියේය. එහිදී PBW Munige යන නමින් අවසන් පිතිකරු ලෙස කණ්ඩායම නියෝජනය කළ වරාය සභාපතිවරයා ලකුණු 2ක් ලබාගෙන තිබෙන බව එක්ස් ගොසිප් වෙත වාර්තා විය.  (එම තරගයේ ලකුණු සටහන මෙතැනින්)

ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ප්‍රියත් බන්දු වික්‍රම මහතා ක්‍රිකට් පිටියට එක්වු සැනින් ක්‍රිකට් සම්බන්ධ ප්‍රධානතම වෙබ් අඩවිය වන cricinfo වෙබ් අඩවිය ඔහුගේ ක්‍රීඩක දත්ත ඇතුළත් වාර්තාවක්ද සකස් කර පල කරතිබේ. (එම වාර්තාව මෙතැනින් )

සිය පළමු තරගය ක්‍රීඩා කර ලකුනු 2ක් ලබාගත් ක්‍රිඩකයකුගේ ක්‍රීඩක දත්ත වාර්තාවක් තරගය අවසන් වී දිනක් ඇතුළත සැකසීමට cricinfo කටයුතු කර තිබීම පිලිබද සැක මතුවන බව ද ක්‍රීඩා විචාරකයින්ගේ අදහසයි.

Written on

බිරිඳගෙන් දික්කසාද වූ සුසාර දිනාල් මධු සමග ලිවින් ටුගෙදර්

Comments
"සිරස" නාලිකාවේ විශේෂාංග අංශයේ ප‍්‍රධානී "මහනාමේ සූරසේන" නොහොත් සුසාර දිනාල් මෙයට ටික කලකට ප්‍රථම සිය බිරිඳගෙන් දික්කසාද වී ඇති බව වාර්තා වේ.

සුසාර දිනාල් විවාහ වී සිටියේ සිය නෑනා සමගය. විවාහයෙන් පසුව සිරස නාලිකාවේ ඉහල ධුරයක් ලැබීමෙන් අනතුරුව "සුසාර දිනාල්" වෙනස්ම චරිතයක් බවට පත්විය.

අනතුරුව සිරස සුපර් ස්ටාර් , සිරස කුමරිය, සිරස ආයතනයේ නිවේදිකාවන් සමගද සමීප සම්බන්ධතාවයන් පවත්වා තිබුණි. ඒ අතින් බැලුකල සුසාර දිනාල් ස්වර්ණවාහිනියේ බුද්ධික කුලසේකරට දෙවෙනි නොවේ.

Written on

මාලිංගට මුම්බායි පළමු තරගය අහිමි වෙයි

Comments
මහේලගේ දිල්ලි කණ්ඩායම කොල්කටා කණ්ඩායමට පරාජය වෙයි. 
ඩේවිඩ් වෝර්නර්ගේ ක්‍රිකට් පාඩම 

අද දින පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අතර තරගය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රීඩා නොකරන බව මුම්බායි ඉන්දියන්ස් නායක රිකී පොන්ටින් අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ ය.

පසුගියදා නිමවූ ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලියේ අවසන් තරගයේදී ශරීරයේ පසුපස පෙදෙසේ ඇතිවූ ආබාධය නිසා මාලිංගට මුම්බායි ඉන්දියන්ස් පිළේ පළමු තරගය අහිමි වන වන්නට නියමිතයි.

Written on

ටෙලි නිලි බියංකාගේ කැමරාව සොරාගත් පුද්ගලයාට ඇප

Comments
වන්දනා හි හිරුණි, උත්පලාහි චතු, නිල්දිය රළ නිලූ හා අවසරයි පියාඹන්න මධුෂිකා යන චරිත නිරුපනය කල බියංකා ෆොන්සේකා නම් ටෙලි නිළියගේ රුපියල් හතලිස් දහසක් වටිනා කැමරාවක් සහ අටදහසක් වටිනා අත් ඔරලෝසුවක් සොරාගන තිබේ.

සොරා ගත් රන්දික නානායක්කාර නම් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහැර ඇත. 

එම පුද්ගලයා බියංකා පදිංචි වී සිටි ගල්කිස්ස පීරිස් මාවතේම පදිංචිකරුවෙකි.

Written on

ඉන්දියාව කියන්නේ තමිල්නාඩුව නෙවෙයි - සංගක්කාර

Comments
මේක රාජ්‍යයන් දෙකක් අතර ගැටලුවක් නෙවෙයි - සංගක්කාර 

ආපහු රටට එනකොට මොකක්හරි ක්‍රියාමාර්ගයක් ගන්නවා - රාවනා බලය

ඉන්දියාව යනු චෙන්නායි හෝ තමිල්නාඩුව නොවන බවත් දේශපාලනය නිසා ක්‍රීඩාවට හානියක්‌, බාධාවක්‌ සිදු නොවිය යුතු බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්‌ නායක කුමාර් සංගක්‌කාර සන්රයිස්‌ හයිද්‍රාබාද් කණ්‌ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන අතරතුර ඉන්දීය මාධ්‍ය හමුවේ අදහස්‌ දක්‌වා ඇත. 

එහිදී වැඩිදුර අදහස් දැක්වූ සංගක්කාර 
ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන එකමුතුබව මෙවන් සිදුවීම් වලින් නවතන්න බැහැ. ක්‍රිකට් පාලක මණ්ඩලය පැහැදිලිවම කිව්වා කිසිම ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු චෙන්නායි හි ක්‍රීඩා නොකරන බවට. ඉන්දියාව කියන්නේ චෙන්නායි , තමිල්නාඩුවට වඩා දෙයක් කියලයි මම හිතන්නේ. 

තමිල්නාඩුව හැර සමස්ත ඉන්දියාවම අපව පිළිගත්තා. මේක රටවල් දෙකක් අතර ඇතිවුන් ප්‍රශනයක් නෙවෙයි. එක් ප්‍රාන්තයක් පමණයි ගැටලුව වුයේ. මෙය රටවල් දෙකක් අතර ගැටුමක් වුයේ නම් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සහභාගි නොවීමට ඉඩ තිබුනා. 

Wednesday, April 3, 2013

Written on

කූරගල වර්තමාන තත්වය

Comments

නවතම ජායාරූප සහිතයි

මුස්ලිම් ආගමිකයන් විසින් කලක් අත්පත් කරගෙන සිටි කුරගල බෞද්ධ සිද්ධස්ථානය මේ වනවිට නැවතත් බෞද්ධයන් වෙත නිතියානුකුලව ලබාගෙන ඇත.

මෙය නැවත ලබාගැනීමට බෞද්ධ ක්‍රියාකාරීන්ට විශාල උත්සහයක් දැරීමට සිදුවිය. පුරාවිද්‍යා සංරක්ෂණ භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර පැවතියද නැවත පවරා ගන්නා අවස්ථාව වන විට බොහෝ බෞද්ධ නෂ්ටාවශේෂ විනාශ කර දමා තිබුණි.

මේවන විට මෙම අක්කර 52 සහ පර්චස් 16 ක භුමි ප්‍රදේශය තුල පුරවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ බෞද්ධ ක්‍රියාකාරීන්ගේ අරමුදල් යොදාගනිමින් විහාරස්ථානයක් ඉදිකිරීමට කටයුතු කරමින් සිටයි.
Written on

රූපවාහිනී අභ්‍යාස ආයතනය විනාසයි !!!

Comments
ශ්‍රී ලංකාවේ සිනමා සහ රූපවාහිනී මාධ්‍යයන් හැදෑරීමට ඇති එකම රජයේ ආයතනය වන ශ්‍රී ලංකා රුපවාහිනී අභ්‍යාස ආයතනය 1984 දී ආරම්භ කෙරුණකි.

ජර්මන් රජයේ පරිත්‍යාගයක් ලෙස ලංකාවට ලැබුණු එය ජර්මානු රජයේ මුල්‍ය අනුග්‍රහය මත ශ්‍රී ලංකා පදනම් ආයතනය තුලම මෙය ස්ථාතාපිත කරන ලද්දේ ස්වාධීනව මෙහි සේවාව ලබාදීම සදහාය.

ශ්‍රී ලංකා පදනම් ආයතනය ජනාධිපති කාර්යාලයට අයත්ව තිබු බැවින් මෙහි පරිපාලනය පිළිබඳව එවකට සිටි සැම ජනාධිපතිවරයෙකුම සොයා බලන ලදී.

Written on

ඇමරිකානු යුධ නැවක් හා F-22 ප්‍රහාරක යානා දකුණු කොරියාවට යවයි

Comments
පෙරේදා දිනයේ ඇමරිකාව විසින් F-22 ප්‍රහාරක යානා (F-22 stealth fighter jets) දකුණු කොරියාව වෙත පිටත්කර හැරීමත් සමඟ එහි යුධ උණුසුම තවත් වර්ධනය වුණා. එම යානා යවා ඇත්තේ තවමත් දකුණු කොරියානු මුහුදුසීමාවේ පවතින යුධ අභ්‍යාසය සඳහාය.

ඒ අනුව හෙට දිනයේ සිට B-2 හා B-52 යානා වලට අමතරව F-22 යානාද මෙම යුධ අභ්‍යාසය සඳහා යෙදවෙනු ඇති. යුධ උණුසුම වර්ධනය වීමත් සමඟ ඊයේ දිනයේ ඇමරිකාව විසින් යුධ නැවක්ද දකුණු කොරියානු මුහුදු සීමාවට යවනු ලැබුවා.

මෙම නෞකාව කොරියානු ප්‍රදේශයට යැවීමට හේතුව වන්නේ පවතින තත්ත්වය තුල උතුරු කොරියාව විසින් මිසයිල හෝ ගුවන් යානා යොදාගන යම් හමුදාමය ක්‍රියාකාරකමක් සිදු කළහොත් රේඩාර් මාර්ගයෙන් එය හඳුනාගන ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ගැනීමටයි.

Written on

ලංකාවේ නීතිය ගැන කලකිරී විදේශිකයෙකු සියදිවි නසාගනී

Comments
මෙරටට පැමිණි සංචාරකයෙකු තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් ඉදි කිරීමට ඉඩමක් ගැනීමේදී වංචාවකට හසුව ඒ පිලිබඳ නිතිය ක්‍රියාත්මක වූ ආකාරය ගැන කලකිරී ලංකාවට ම පැමිණ සියදිවි නසාගෙන ඇත. 

මෙම සංචාරකයා රුසියානුවෙකු වන අතර 2012 වසරේදී එම ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලක්ෂ 60 ක් ලබාදී ඉඩමක් ලබා දී ඇත. එම පුද්ගලයා විසින් රුසියානුවා හට වංචාකොට විකුණා තිබුනේ තංගල්ල ප්‍රදේශයේ සුසාන භූමියකි. 
Written on

IPL සමාරම්භක උළෙලේ Pitbull ගේ වීඩියෝව

Comments
ඉන්දියාවේ ඊයේ පවතී IPL සමාරම්භක උළෙලේ විඩියො දැන් අප වෙත ලැබී තිබේ.

මේහි ප්‍රකට ගායක Pitbull ඉදිරිපත් කිරීම පළමු වීඩියෝවේ 5 වන විනාඩියේ සිට , සහ සම්පුර්ණ දෙවන video ව තුල දර්ශනයවේ. Pitbull ගේ ඉදිරිපත් කිරීමේ අවසාන අදියරේදී Pitbull සමග නර්තනයට ෂාරුක් ඛාන්, කත්‍රිනා කඊෆ් සහ දීපිකා පදුකෝන් වේදිකාවට පැමිණෙයි.

Written on

දෙරණ අවුරුදු කුමරිය

Comments

Tuesday, April 2, 2013

Written on

IPL 6 Opening Ceremony (Pictorial)

Comments

Written on

පිටකොටුවේ මාල හොරකම

Comments
ඊයේ හවස පිටකොටුව ගුණසිංහපුර පිහිටි ෆාමසියකට පැමිණි පුදගලයෙකු එහි සිටි කාන්තාවකගේ රන් මාලයක් කඩාගන ගොස් තිබුණා.

සවස 3 ට පමණ එහි පැමිණි එම පුද්ගලයා විසින් යෝගට් ගැනීමට අවශ්‍ය බව පවසා මුදල් දෙනවාත් සමඟ කඩා දිව ගිය මාලයේ වටිනාකම පවුම් 4කි.

එම මාලය කඩා ගිය අවස්ථාව එහි වූ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබුනේ මෙලෙසින්.

Written on

කොලිවුඩ් තරු ශ්‍රී ලංකාවට එරෙහි උපවාසයේ නිරතවන ආකාරය

Comments
දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපට කර්මාන්තයේ නිරත පුද්ගලයින් ශ්‍රී ලංකාවට එරෙහිව අද (02) දිනයේ උපවාසයක නිරත වී සිටිනවා.

තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය සහ දකුණු ඉන්දීය චිත්‍රපට කලාකරුවන්ගේ සංගමය එක්ව සංවිධානය කල මෙම උපවාසය සඳහා රංගන ශිල්පීන්, අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු දකුණු ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් මේවනවිට සම්බන්ධ වී තිබෙනවා.

දකුණු ඉන්දියාවේ ප්‍රසිද්ධ කොලිවුඩ් නළුවන් වන රජිනි කාන්ත්, කමල් හසන් ද සහභාගී වී තිබෙන මෙම උපවාසය සඳහා දකුණු ඉන්දියාවේ විශ්ව විද්‍යාල සිදුන්ද මෙම උපවාසයට සහභාගී වී තිබෙනවා. අද දිනයේ පැවැත්වෙන එම උපවාසයේ ජායාරුප පෙළක් බලන්න පහතින්.

Written on

නොපෙනෙනා බලය

Comments
ජපානයේ නව යොවුන් තරුණ තරුණියන් අතර නව ජායාරුප කලාවක් මෙදින වල ජනප්‍රිය වෙමින් පවතියි.

පුද්ගලයකු නොපෙනෙනා බලයකින් තවත් පුද්ගලයකු පහරදෙන ලෙසට ජායාරූප නැගීම මෙහිදී සිදුවේ.

එලෙස මිතුරන් සමග එක්ව ලබාගත් එම චායාරුප ඔවුන්ගේ Facebook Cover Page තුලට දැමීමට ඔවුන් වැඩි කැමැත්තක් දක්වන බවත් වාර්තාවේ.

Written on

බිලියන 4ක පික්සල් සහිත අඟහරුගේ ජායාරූපය

Comments
දැනට නිපදවා ඇති බිලියන ගනන් පික්සල් සහිත ජායාරූප වෙත නව ජායාරූපයක් එක්වී තිබෙනවා.

ඒ කිලෝමීටර් මිලියන 567ක දුරක පිහිටි ගේල් ආවාටයේ සිට කියුරියෝසිටි මඟින් ලබාදුන් ජායාරූප 407ක් එක් කර සෑදූ අඟහරු මත පැනරාමා දර්ශනයයි.

මෙම ජායාරූපයේ ඇති පික්සල් ප්‍රමාණය බිලියන 4කි (90,000 x 45,000). නමුත් ඒ සෑම ජායාරූපයක්ම ගෙන ඇත්තේ මෙගාපික්සල් 2ක කැමරාවකින් වීම විශේෂත්වයක්.

Written on

යෝෂිත රාජපක්ෂ එල්ලේ සංගමයේ සභාපති වෙයි

Comments
ඉදිරි වසර දෙක සඳහා යෝෂිත රාජපක්ෂ ජාතික එල්ලේ සංගමයේ සභාපති ධූරයට පත්වී තිබෙනවා.

ඒ සඳහා නිලවරණය පෙරේදා පැවැත්වුනේ සීදූවේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ ශාලාවේදී.

යෝෂිත රාජපක්ෂ සමඟ සභාපති තනතුරට තරග වැදීම සඳහා නාමයෝජනා භාර දී තිබූ හිටපු සභාපති ධීවර නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්නගේ නාමයෝජනාව දෝෂ සහිත එකක් ලෙස සලකා ප්‍රතික්‍ෂේප විය.

සභාපති තනතුරුටපත්ව සිටින නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්‍ෂගේ පියාවන වත්මන් ජනාධිපතිවරයාද 2000/1 වසරේ ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබුණි.

Written on

දැලිපිහි ගත් රිලවුන්

Comments
"හලාල් විරෝධී ව්‍යාපාරය", "රිසානාගේ ඝාතනය" වැනි කරුණු පදනම් කරගනිමින් ශ්‍රී ලංකාව තුල නවතම සමාජීය කතිකාවතක් ගොඩනැගුනු අතර එයට විද්වතුන්, ආගමික නායකයන්, ජන නායකයන්, ව්‍යාපාරිකයන් සහ විවිධ වෘත්තිකයන් පෙරමුණ ගෙන ක්‍රියාකරණ ලදී.

එය සමාජය තුල ඇගයීමට මෙන්න ආගමික ප්‍රබෝධයක් ඇතිකිරීමට හේතුවිය.

කරුණු මත පදනම්ව සංයමයකින් යුතුව මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක වුන අතර එහි ප්‍රතිපලයක් වශයෙන් රජය "හලාල්" සහතිකය ශ්‍රී ලංකාව තුල තහනම් කරන ලදී. මෙම තහනම් කිරීමත් සමගම එයට පුරෝගාමීව ක්‍රියාකළ පුද්ගලයන් සහ ආයතන වෙත ජනයා තුල ඉහල අවධානයක් හිමිවිය.

එම ජයග්‍රහණයෙන් පසු මෙම පාර්ශව හලාල් සටනින් ඔබට ගොස් වැදගත්, නොවැදගත් සැම විෂය අංශයකටම අත පෙවීමට පටන් ගත්තේ ඔවුන් පිලිබඳ අධි තක්සේරුවක පිහිටමිනි.

Written on

IPL යන ක්‍රීඩකයින් 11 දෙනා මෙන්න

Comments
සල්ලි වලට රට පාවලා දීලා ගිහින් කටුනායකින් කුණු බිත්තර කන්න එපා- බොදුබලසේනා

ලබන 3 වෙනිදා ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් 6 වන වාරය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය පිළිබදව ඊයේ වෙනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛ්තව භාර දී නොතිබිණි. 


නමුත් අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතී ඈෂ්ලී ද සිල්වා ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙත යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 11 දෙනෙකුගේ සහභාගීත්වය තහවුරු කළ බව පැවසුවේ ය.

Monday, April 1, 2013

Written on

IPL වෙනුවෙන් Pitbull ට රුපියල් ලක්ෂ 750 ක්

Comments
ඉන්දියානු IPL තරඟාවලිය වෙත තවදුරටත් අන්තර්ජාතික අවධානය ලබාගැනීමේ අරමුණින් මෙවර IPL සමාරම්භක උළෙල සඳහා ඇමරිකානු ජාතීක ප්‍රකට රැප් ගායකයකු වන "Pitbull" සහභාගි කරවීමට වීමට නියමිතය.

එයට අදාල ගාස්තුව වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ හයක් එනම් රුපියල් ලක්ෂ හත්සිය පනහක මුදලක් " Pitbull " වෙනුවෙන් ලබාදීමට IPL සංවිධායකයන් පොරොන්දු වී තිබේ.
Written on

සාර්ථකත්වයේ නොකියන කතා කියවන්න (18+)

Comments
කොළඹ සරසවියේ MBA Alumni Association මගින් අපුර්වතම සම්මන්ත්‍රණයක් පැවැත්වීමට යන බව පුවත්පත් දැන්වීමකින් අපි දැනුවත් වුනෙමු.

එහි දක්කවා ඇති පරිදි මෙම සම්මන්ත්‍රණයේ දේශකයන් වශයෙන් ධම්මික පෙරේරා , දිලිත් ජයවීර , සුනිල් පෙරේරා සහ ශවෙන්ද්‍ර සිල්වා පැමිණීමට නියමිතය. එහි තේමාව "සාර්ථකත්වයේ කතාව" ලෙස නම්කොට ඇත. 


 සංවිධායකයන් පවසන පරිදි මොවුන් සාර්ථකත්වය වෙත ළඟාවූ පරමධර්ශි චරිත වේ. දේශීයව සහ අන්තර්ජාතික වශයෙන් ක්‍රියාකරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරතුරුව සේවය කරන ශවෙන්ද්‍ර සිල්වා වැනි වීර සෙන්පතියන් තුලින් සාර්ථකත්වය පිලිබඳ පුරවැසියනට උගත යුතු කරුණු බොහෝය.

එබැවින් මෙම සම්මන්ත්‍රණය සඳහා ඔහුගේ යෝග්‍යතාවය අපි මෙම ලිපිය තුලින් විමසීමට අපේක්ෂා නොකරමු. එහෙත් ධම්මික පෙරේරා , දිලිත් ජයවීර , සුනිල් පෙරේරා වැනි අය කොපමන දුරට මේ සඳහා සුදුසුද යන්න අපට ගැටලුවක්ක්ව පවතී.

ධම්මික පෙරේරා සහ දිලිත් ජයවීර සම්මන්ත්‍රණදයෙදී විශ්ව කීර්තියටපත් දේශකයන්ගේ අදහස් තමන්ගේ මෙන් ගෙනහැර පාමින් , පරමාදර්ශි විව්‍යසයකයන් මෙන් දේශන පවත්වනු නොඅනුමානය. එහෙත් ඔවුන්ගේ ධනය මත පදනම් වූ සාර්ථකත්වයේ කතාවේ ඔවුන් ඔබට නොකියන සත්‍ය කතාව නැවතත් හෙළි කිරීමට අප අපේක්ෂා කරයි.
Written on

අමල් පෙරේරා හා ශිරෝෂි දැන් ලිවින් ටුගෙදර්

Comments
ශිරෝෂිගේ ජායාරූප පහතින්

ටෙලි නිළියක් නර්තන ශිල්පිණියක් හා රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් වූ ශිරෝෂි රොමේෂිකාගේ පෙම්වතා ජනපි‍‍්‍රය ගායකයෙකු වන අමල් පෙරේරා බව මේවන විට ප‍‍්‍රසිද්ධ රහසකි.

අමල් පෙරේරා ප‍‍්‍රවීන ගායක මර්වීන් පෙරේරාගේ පුතුනුවන්ය. මොවුන් දෙදෙනා මේවනවිට එකට වාසය කිරීමට පටන්ගෙන ඇති බව එක්ස් ගොසිප් වෙත වාර්තා වේ. 

අමල් පෙරේරා මෙයට පෙර විවාහ වූ පුද්ගලයෙකි. සිය බිරිඳ සිටියදීම විදේශීය කාන්තාවක් සමගද අමල් හාද වී සිටියේය. 

අමල් ගේ පළමු විවාහයේ දියණියට දැන් වයස අවරුදු 19 කි. ඇය මේවනවිට සිටින තත්වය සලකා බලා එක්ස් ගොසිප් ඇය ගැන වැඩිදුර විස්තර හෙළිකිරීමට බලාපොරොත්තු නොවෙමු.
Written on

ජස්ටින්ගේ වඳුරු ආදරයට බාධා

Comments
ජස්ටින් බීබර්ගේ Belive නමින් ලෝක සංගීත සංචාරයේ තවත් පියවරක් සටහන් කරමින් පසුගියදා ඔහු ජර්මනියෙ සංගීත සංදර්ශනයක් පැවැත්වන ලදී.

ඒ සඳහා ඔහු ලොස් ඇන්ජලීස් සිට ජර්මනියෙ මියුනිච් නගරයට ඔහුගේ පෞද්ගලික ගුවන් යානයෙන් ගමන් ගත් අතර, එම ගමනට "මාලි" නම් ඔහුගේ සුරතලාවූ වඳුරු පැටියත් එක්කර ගන්නා ලදී.

කෙසේ වෙතත් මෙම වඳුරු පැටවා රැගෙන් එම සම්බන්දයෙන් ජස්ටින් බීබර් ජර්මණියෙ රෙගු අංශ වෙත දන්වා අවසර ගෙන නොතිබුණි.

Written on

සිලෝන් ටුඩේ හා මව්බිම ගේ විහිලුව

Comments
ගුගල් හා මව්බිම විහිලු
අද අප්‍රේල් පලවනදාය. අද දිනය වඩාත් ප්‍රචලිතව ඇත්තේ මෝඩයන්ගේ දිනය ලෙසය. මේ හේතුවෙන් විවිධ විව්ධාකාරයට මෝඩයන්ට ඇන්දෙද්දී මව්බිම පුවත් පත හා සිලෝන් ටුඩේ පුවත්පතද අප්‍රේල් පලවනදා මෝඩයන්ගේ දිනය නියමකොටගෙන පුවතක් පලකොට තිබේ. 

මෙයට පෙර අප්‍රේල් පලවනදා විහිලුව සිදුකිරීමට ජනප්‍රියව සිටියේ දිවයින පුවත්පතය.

නමුත් පසුගිය ලෝක කුසලානය සමග කල විහිළුවත් සමග දිවයින පුවත්පතට කනේ ඇඟිලි ගසාගනිමට බැනුම් අසන්නට සිදුවිය. එහෙයින් මෙවර ඔවුන් එවැන්නක් පලකොට නොමැත.

Written on

ශ්‍රී ලංකා බංග්ලාදේශ T20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

Comments
ශ්‍රි ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති T20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 17 ජයක් ලැබීමට සමත් විය.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේ පැවැත්වූ පළමු තරගය වූ මෙම තරගයේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාවට ICC T20 ශ්‍රේණිගත කිරීම් හි තව දුරටත් පෙරමුනේ පසුවීමට සමත් විය.

කාසිය වාසිය දින බංග්ලාදේශ නායකයාගේ ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 පමණක් දැවී ලකුණු 198 ලබා ගැනීමට හැකි විය.

Sunday, March 31, 2013

Written on

අමිල දනින් වැටී සමාව ගත් කතාවේ ඇත්ත මෙන්න- දීපානි සමරසිංහ Exgossip වෙත කතා කරයි

Comments
නයනා කුමාරි හට අපහාස වන කට කතා තැනින් තැන කීම හේතුවෙන් "පබා" ටෙලි නාට්‍යයෙන් ජනප්‍රියත්වයට පත්වූ අමිල අබේසේකර ඒ පිලිබඳ කනගාටුව පලකොට නයනා කුමාරිගේ පා යුගම වැඳ සමාව ගෙන තිබූ පුවතක් නයනාගේ නමද සමඟින් පළමුවරට පල කළේ "එක්ස් ගොසිප්" විසිනි.

එයට නයනාගේ නම ඈදුනේ ඇමති කුමාර වෙල්ගම නිසාම නොව නයනාගේ පාර්ශවයෙන් අප විසින් කල සොයාබැලීමකින් අනතුරුවය. ඒ ඇය විසින් ඒ බව කිහිප දෙනෙකුටම ප්‍රකාශ කර තිබූ නිසාය.

නමුත් අමිල අබේසේකර තවමත් පුවත්පත් වලට පවසන්නේ එවන් සිදුවීමක් නොවූ බවත් එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්ය.

මේ අතර එක්තරා වෙබ් අඩවියක් මඟින් මේ පිළිබඳව අසත්‍ය පතුරවන බවට එක්ස් ගොසිප් වෙබ් අඩවියේ නම සඳහන් නොකරමින් ඇතැම් වෙබ් අඩවි හා පුවත්පත් ගණනාවක් අඳුරේ අතපතගාන තත්ත්වයක් තුළ ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න සොයාබැලීමට එක්ස් ගොසිප් එම ව්‍යාපාර කාන්තාවට කෙලින්ම කතා කළා.