Wednesday, April 10, 2013

Written on

2013 අලුත් අවුරුදු නැකැත් වේලාවන්

Comments
  • පරණ අවුරුද්ද සඳහා ස්නානයටඅප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
  • අලුත් අවුරුදු උදාවඅප්‍රේල් මස 14 වන ඉරිදා පූර්ව භාග 01.29 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
  • පුණ්‍ය කාලයඅප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපර භාග 07.05 සිට අප්‍රේල් මස 14 වන ඉරිදා දින පූර්ව භාග 07.53 දක්වා පූණ්‍ය කාලය බැවින්, අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපර භාග 07.05 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද , 
  • පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන ඉරිදා දින පූර්ව භාග 01. 29 සිට පූර්ව භාග 07.53 දක්වා පහත දැක්වෙන අයුරු වැඩඇල්ලිම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර විධි ඉටුකිරිම ද මැනවි.
Written on

එමා නිරුවත් රැඟුම ගැන කනස්සල්ලෙන්

Comments
හැරී පොටර් චිත‍්‍රපට මාලාවේ හැරී පොටර් ගේ ප‍්‍රධාන සහායිකාව ලෙස ලොව පුරා ප්‍රචලිත වූ එමා වොට්සන් රඟපෑ අලුත්ම චිත්‍රපටය වන “The Perks of Being a Wallflower” හි ඇය රඟන ලද දර්ශනයක් කාගේත් අවධානයට ලක්වී තිබේ.

The Perks of Being a Wallflower චිත්‍රපටයේ ඇති එම අඩනිරුවත් ජවනිකාව සම්බන්දයෙන් අදහස් දක්වමින් එමා මාධ්‍යට පසුගිය සතියේ පැවසුවේ තමන් එම ජවනිකාවට කිසිසේත්ම කැමැති නැති බවත් , සිරුර තැනින් තැන නිරාවරණය වී තිබුණු එම රංගනය නැවත මතක් කරන්නට පවා එමා කැමැති නැති බවත්ය.

එමා මාධ්‍යට චිත්‍ර පටයේ දර්ශන සම්බන්දයෙන් කුමන අදහස් දැක්වුවද , The Perks of Being a Wallflower චිත්‍රපටය ප්‍රථම වරට එළිදැක්වීම සඳහා පවතී උළෙල සඳහාද ඇය පපු පෙදෙස නිරාවරණය වන ආකාරයේ ඇඳුමකින් සැරසී සිටින ලදී.
Written on

සනත් හා මලිකාගේ අපුරු උපන්දින උත්සවය

Comments
සනත් ජයසුරියගේ තෙවන විවාහය පසුගියදා මලීකා සිරිසෙනගේ සමඟ සිදුවිය. මලිකා හමුවීමෙන් අනතුරුව සනත් සිය දෙවන බිරිය වන සැන්ඩ්‍රාගෙන් දික්කසාද වීමට නඩු පවරනු ලැබීය. නමුත් මේ වන විටත් එම නඩුව අවසන් වී නොමැත. 

එහෙයින් මාධ්‍යයට හොර රහසේ කල සනත්ගේ විවාහය නීතියට පටහැනි එකකි. මෙම රහස හෙලිවීම වලක්වාගැනීමට ජයසූරිය උත්සාහ දැරුවේ මෙය මිතුරක් එක්ව පැවැත්වූ විනෝද සාදයක් පමණක් බව ප්‍රකාශ කිරීමෙනි. 

සනත් මාධ්‍යය වලට දිගින් දිගටම පැවසුවේ එම කතාව බොරුවක් බවත් තමන් තවමත් දරුවන් තිදෙනා සමගින් සිටිනා බවකි. ඒ නීතියට මුවාවීම උදෙසාය. නමුත් සිය අප්‍රසිද්ධ විවාහයෙන් අනතුරුව සනත් තවමත් සැන්ඩ්‍රා සමගින් විසීම මලිකා ගේ සිත් තැවුලට හේතුවී තිබු අතර මේවනවිට ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයේ තත්වය කුමක්දැයි අප වෙත වාර්තා නොවේ. 

පසුගියදා මලීකා විසින් වෙබ් අඩවියකට පවසා තිබුනේ සනත් සමග හිතවත්කමක් තිබුනත් විවාහ වුයේ නැති බවය. ඉදිරියේ සනත් හා විවාහ වීමට අදහසක් නොමැති බවද ඇය අදහස් දක්වා තිබුණි. 

මෙම දෙදෙනාගේම අදහස් මෙසේ පළකරද්දී මාධ්‍යයට හෙළි නොකළ ඇතැම් කරුණුද අප මෙසේ ගෙන හැරපාන්නේ එදින උපන්දින සාදයකට වඩා දෙයක් සිදුවූ බවට සාක්ෂි සැපයීමටය. 
Written on

තට්ටා හම්බන්තොටට

Comments
පාකිස්තානයේ තට්ටා සිමෙන්ති සමාගම හම්බන්තොට වරායේ සිමෙන්ති ඇඹරුම් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා සූදානම්වේ .

තවද අදාළ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමේ ක්‍රියාවලියේ අවසන් අදියරට මේවනවිට ඔවුන් පැමිණෙමින් තිබෙන බවද අනාවරණය වේ මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා අවශ්‍ය ඉඩම් වසර 25 ක කල්බදු පහසුකම මත ලබාගැනීම සඳහා සමාගම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ගිවිසුමකට එළඹී තිබේ.
Written on

නදීෂා හා ගයේෂා චන්දික වෙනුවෙන් රණ්ඩු කලාද ?

Comments
පසුගිය සතියේ මව්බිම පුවත්පතේ හදගැස්ම අතිරේකයේ පුවතක් පලවිය. එයින් කියවුනේ දෙරණ කලා ගමේ අවුරුදු උත්සවයේ සිදුවූ සිදුවීමක් පිලිබඳවය. 

පුවත්පත වාර්තා කොට තිබු පරිදි නදීෂා හේමමාලි සහ ගයේෂා පෙරේරා චන්දික නානායක්කාර සමග ජායරුපයකට පෙනී සිටීම සඳහා කෙහෙවලු පටලවාගෙන ඇත. 

ඒ දෙදෙනාම චන්දික තමාගේ ටෙලි නාට්‍යයවල පෙම්වතා බව පවසමිනි. නමුත් එක්ස්ගොසිප් කල සොයාබැලීමකදී හෙලිවුයේ එය ජායාරුප ශිල්පියා විසින් ගොතන ලද කතාවක් බවය. 

කලා ගමේ අවරුදු සඳහා නදීෂා හේමමාලි තනිවමත් ගයේෂා පෙරේරා සිය පෙම්වතා හසන්ජිත් සමගත් සහභාගී වී ඇත. 

ගයේෂා පෙරේරා මෙම දිනවල රඟපෑමේ යෙදෙන "රජ වත්ත" නම් ටෙලි නාට්‍යයේ පෙම්වතා වන්නේ චන්දිකය. 

Tuesday, April 9, 2013

Written on

සැළලිහිණි වසන්තය 2013

Comments
නුවරඑළිය සැළලිහිණි වසන්තය 2013 සමාරම්භක උළෙලෙහි විලාසිතා දැක්ම පසුගියදා තුරඟපිටියේදී පැවැත්වුණා. එහි ජායාරූප එකතුවක් පහතින්.

ජායාරූප ස්තූතිය: ජෙත්‍රෝ රත්නායක

Written on

ස්ත්‍රී දූෂණ වළකන ඇඳුමක් ඉන්දියාවෙන්

Comments
ස්ත්‍රී දූෂණයකින් ගැලවිය හැකි ඇඳුමක් සැකසීමට ඉන්දියාවේ ඉංජිනේරු සිසුවියන් දෙදෙනෙකු සමත්වී තිබෙනවා.

යම් පුද්ගලයෙකු විසින් අතවරයක් කිරීමට යාමේදී මෙම යට ඇඳුමේ පපු ප්‍රදේශයේ ඇති පීඩක සංවේදක මඟින් ස්ත්‍රී දූෂකයාට 3,800 KV විදුලි බලයක් වදින ලෙස මෙය සකසා ඇත.

ඉන් පසුව ජීපීඑස් මඟින් එම අතවරය සිදුවන ස්ථානයද එස්.එම්.එස් පණිවිඩයම් මඟින් ලඟම පොලීසිය වෙත හා ඇයගේ දෙමාපියන් වෙන යැවේ.